දෙවනගල පුදබිම වෙත බුදු පිළිමයක් වැඩම කරයි | දිනමිණ

දෙවනගල පුදබිම වෙත බුදු පිළිමයක් වැඩම කරයි

ඓතිහාසික මාවනැල්ල දෙවනගල පුදබිම වෙත මහත් වෙහෙසක් දරා (8) උදෑසන ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් බුද්ධ ප්‍රතිමාවක් වැඩමකරවීම සිදුකැරිණි.

දෙවනගල භාරකාරීත්වය දරන පූජ්‍ය මැදිරිගිරියේ පුන්‍යසාර ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් වන දෙවනගල පුදබිමේ සතර දිශාවට පිළිම වහන්සේ සිව් නමක් තැන්පත් කිරීමේ පළමු පියවර වශයෙන් මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ දෙවනගල මන්සන්දියේ සිට දෙවනගල පර්වතය මුදුනෙහි පිහිටි පුද බිම වෙත ගම්වාසී තරුණ පිරිසකගේද සහභාගීත්වයෙන් දැඩි වෙහෙසක් දරා පළමු පිළිම වහන්සේ නම වැඩමකරවීම සිදුවිය

පූජ්‍ය මැදිරිගිරියේ පුන්‍යසාර ස්වාමීන් වහන්සේගේ කාව්‍යමය ධර්ම දේශනාවන් සවන් දෙන ඩුබායි රටේ සේවය කරනත් තරුණ පිරිසකගේ දායකත්වයෙන් මෙම පිළිමය දෙනවගල පුදබිම වෙත වැඩමකරවා පූජා කර ඇත.

හෙම්මාතගම සමූහ රොහාන් සී ප්‍රේමතිලක

 


නව අදහස දක්වන්න

Or log in with...