බළපිටියේ අබලන් මාර්ග හතරක‍ට පිළියම් | දිනමිණ

බළපිටියේ අබලන් මාර්ග හතරක‍ට පිළියම්

ගාල්ල දිස්ත්‍රික්කයේ බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැඩි ලෙස අබලන්ව පැවති ග්‍රාමීය මාර්ග 04ක් යළි සංවර්ධනය කර ජනතා අයිතියට පත්කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ සඳහා රුපියල් ලක්ෂ 748ක් වැයකර තිබේ. කටුවිල ජී.පී.ද.සිල්වා මාවත මාර්ගය රුපියල් ලක්ෂ 325 වියදමින් ද, කොස්ගොඩ හතරමං හන්දියේ සිට ගොඩගම හරහා පස්මං හංදිය දක්වා මාර්ගය රුපියල් ලක්ෂ 245 වියදමින් සංවර්ධනය කර ජනතා අයිතියට පත්කිරීම සිදුවිය.

රුපියල් ලක්ෂ 89 බැගින් වියදම් කරමින් කැපූ ඇළ හරස් මාර්ගය සහ වතු ගෙදර සීනිගොඩ මාර්ගය සංවර්ධනය කර අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත්කිරීම සිදුවිය.

පෝද්දල සමූහ - නන්දසේන ගමගේ

නව අදහස දක්වන්න