පර්පෙචුවල් අධ්‍යක්ෂවරියක ලෙස නොසිටි බවට අජිත් නිවාඩ් කියන්නේ බොරු | දිනමිණ

පර්පෙචුවල් අධ්‍යක්ෂවරියක ලෙස නොසිටි බවට අජිත් නිවාඩ් කියන්නේ බොරු

පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් මවු සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස සිය සහෝදරිය වන ශිරෝමි වික්‍රමසිංහ මහත්මිය නොසිටි බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අසත්‍ය පවසන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.

පර්පචුවල් ටෙෂරීෂ් සමාගම සහ කබ්රාල් මහතා අතර දීර්ඝ සබඳතාවක් ඇතැයි ද, රාජපක්ෂ කණ්ඩායමේ චෝදනා තිබෙන කලක් සැඟවී සිටි නිවාඩ් කබ්රාල් සහ නාලක ගොඩහේවා නැවත කරලියට පැමිණ ඇතැයි කී ඇමැතිවරයා තර්කයක් ලෙස රාජපක්ෂලා නැවත බලයට පැමිණියහොත් මොවුන් නැවත තනතුරු වලට පැමි‍ණෙන්නේ දැයි රාජපක්ෂ සහෝදරයන්ගෙන් අසන බව කීය. නැවත කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපති ලෙස පැමිණෙන්නේ දැයි ද රාජපක්ෂ පාලන කාලයේ තනතුරුවල සිට චෝදනා ලැබූවන් නැවත හිටපු තනතුරුවලට පත්වන්නේ දැයි ඇමැතිවරයා ප්‍රශ්න කර සිටියේය.

රටට අවශ්‍ය ගැඹුරින් ආර්ථිකය පිළිබඳව කටයුතු කළ හැකි පිරිසක් යැයි ද ඇමැතිවරයා කීය.

නවීන් දිසානායක මහතා මේ අදහස් පළ කළේ ඊයේ (12) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පවැවැති මාධ්‍ය හමුවට එක්වෙමිණි.

නව අදහස දක්වන්න