අභ්‍යාවකාශයට ප්‍රවේශ පත්‍රය $ 03 ලක්ෂයයි | දිනමිණ

අභ්‍යාවකාශයට ප්‍රවේශ පත්‍රය $ 03 ලක්ෂයයි

එක් මගියෙකුගෙන් ඇමරිකානු ඩොලර් දෙලක්ෂයත්, තුන් ලක්ෂයත් අතර මුදලක් අය කිරීමට ජෙෆ් බෙසෝස්ගේ රොකට් සමාගම සැරසෙයි.

එ් එම සමාගම විසින් සිදුකරනු ලබන අභ්‍යාවකාශයට සංචාරකයන් රැගෙන යාමේ සිය ව්‍යාපෘතිය යටතේය.

ලබන වසරේ සිට මෙලෙස අභ්‍යාවකාශය වෙත සංචාරකයන් රැගෙන යාමටයි එමඟින් සැලසුම් කර ඇත්තේ.

ජෙෆ් බෙසෝස්ගේ - බ්ලූ ඔරිජින් සමාගම මගින් සැලසුම් කර ඇති නිව් ෂෙපර්ඞ් අභ්‍යාවකාශ යානය මගින් වරෙකදී මගීන් හය දෙනෙකු පෘථිවියේ සිට කිලෝමීටර් සියය ඉක්ම වූ අභ්‍යාවකාශය වෙත රැගෙන යා හැකියි.

නව අදහස දක්වන්න