රන් ටිකිරි සිනා | දිනමිණ

රන් ටිකිරි සිනා

සිඟිති ලුකස්

ඇමරිකාවේ ළදරු ආහාර නිෂ්පාදන සමාගමක් වූ GERBER සමාගම අපූර්වතම තරගයක් සංවිධානය කළා. ඒ වඩාත්ම ආකර්ෂණීය සහ වඩාත්ම ප්‍රියකරු සිඟිති සිනහව තේරීමේ තරගයයි. GERBER නිෂ්පාදනවලට පුරා අවුරුදු 91ක දිගු ඉතිහාසයක් තියෙනවා. වසර අනූවක් මේ තරගය පවත්වා ඇතිමුත් මෙවර මේ අපූරු සිඟිති සිනහව උරුමකරගත්තේ අපූර්වතම පොඩිත්තෙක්. මේ සිඟිත්තාට වයස යාන්තම් මාස දහඅටයි. එයාගේ නම ලූකස් වොරන් (Lucas Warren). ඒත් මෙයා උපතින්ම රෝගී දරුවෙක්. එනම්, Down’s Syndrome තත්ත්වයේ පසුවන දරුවෙක්.

GERBER සමාගම දියත්කළ මේ අපූර්ව තරගයට අමෙරිකාවේ දරුවන් 140,000ක් පමණ තම සිනහව සේයාරූ මඟින් ඉදිරිපත් කර තිබුණා. "ලූකස් මේ පොඩිත්තන් සියලුදෙනාගේම සිනහ අතරින් අපේ නෙත් සිත් පැහැරගත් සිනහව පෑ සිඟිත්තා බවට පත්වුණා. මුළුමහත් විනිශ්චය මණ්ඩලයම ලූකස් ජයග්‍රාහකයා ලෙසට තෝරාගත්තා"

මේ තර‍ගයේ ප්‍රධාන විනිසුරුවකු මාධ්‍යට ප්‍රකාශ කළා.

ඇත්තටම GERBER සමාගමයේ 2018 SPOKES BABY ලෙසට ලූකාස් අප තෝරාගත්තා. "ඔහු ඇත්තටම අපේ හදවත් ඔහුගේ සිනාවෙන් දිනාගත්තා" එහෙම කියන්නේ GERBER සමාගමයේ ප්‍රධාන විධායක නිලධාරි Bill Partyka.

ලූකස්ගේ මේ සිනහවේ විජයග්‍රහණයට බොහෝ ත්‍යාග ලැබුණා. ලැබුණු ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් 55,000ක්. ඊට අමතරව GERBER සමාගමයේ නිෂ්පාදනවල රූපවාහිනී වැඩසටහන්වල සහ සමාජජාලා වෙබ් අඩවිවලටත් පෙනීසිටීමේ අවස්ථාවද ලූකස්ට හිමි වෙනවා. මෙබඳු රෝගී තත්ත්වයට පත්වූ දරුවකුට ලැබුණු මේ සම්මානය සුවාසූදහසක් වූ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සුපිරි අවස්ථාවක් උදාවූ අවස්ථාවක් ලෙස වාර්තා වෙනවා.

HINDUSTAN TIMES ඇසුරෙනි

ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර

 

නව අදහස දක්වන්න