අසුපිනි ඇල්ලේ සෙල්පි ගැසූ සරසවි සිසුවා ලිස්සා වැටෙයි | දිනමිණ

අසුපිනි ඇල්ලේ සෙල්පි ගැසූ සරසවි සිසුවා ලිස්සා වැටෙයි

අරණායක අසුපිනි ඇල්ලෙන් ලිස්සා වැටි 32 හැවිරිදි අරණායක පදිංචි විශ්ව විද්‍යාල සිසුවකු 14 දින පස්වරුවේ අතුරුදන් වි ඇති අතර ඔහු සොයා මෙ වන විට පොලිසිය හා ප්‍රාදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙලෙස අතුරුදන් වි ඇත්තේ අරණායක, කාල්වාන පදිංචි ධම්මික සම්පත් කුරුවිට යන අයයි. කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවකු වන අතුරුදහන් වි ඇති මෙම තරුණයා එම විශ්ව විද්‍යාලයේ යාළුවන් තිදෙනකු සමග තම ප්‍රදේශයේ පිහිටා ඇති සුන්දර ස්ථානයක් වන අසුපිණි ඇල්ල නැරඹිට පැමිණ එහි විනෝද වී අසුපිණි ඇල්ලේ ජායාරූප ද ඒ අවට ජායාරූපද ලබා ගෙන තමන්ගේ ජායාරූපක් ලබා ගැනීමට ඇල්ල ආසන්නයට යෑමේදි මෙම අනතුර ගල් තලාවෙන් ලිස්සා යෑමෙන් සිදු වු බව ඔහුගේ මිතුරන් විසින් පොලිසියට පවසා ඇත.

නමුත් අසුපිණි ඇල්ලේ අවදානම ගැන නොසිතා අසුපිණි ඇල්ල පහතට කඩා හැලෙන ස්ථානයේ අසල ගල් තලාවක් මතට ගොස් අතුරුදහන් වු ධම්මික කුරුවිට එම ස්ථානයේ සිටගත්තේ අසුපිණි ඇල්ලට පිටු පාමිනි. එහි සිට ගත් ඔහු තමන් සමග පැමිණි යාළුවකුට සිය ජංගම දුරකථනය ලබාදී පවසා ඇත්තේ තමන්ගේ ජායාරූපක් අසුපිණි ඇල්ලේ පහත සුන්දරත්වය පෙනෙන අයුරින් ලබා ගන්නා ලෙසයි. නමුත් ක්ෂණයකින් ඔහුගේ එක් පාදයක් ලිස්සා ගොස් ඇති අතර ඒ සමගම අනික් පාදයද ලිස්සා ගොස් තත්පර ගණනකදි මිතුරන් බලා සිටියදීම උසින් මිටර් සියයක් පමණ වන අසුපිනි ඇල්ලෙන් පහතට ලිස්සා වැටී අතුරුදන් වි ඇත.

එම අවස්ථාවේ තරමක වැසි සහිත අයපත් කාලගුණ තත්වයක් අසුපිනි ඇල්ල අවට තිබු අතර ඇල්ලේ ජල මට්ටමද වෙනදා මෙන් නොව තරමක වේගවත් හා වැඩි වීමක් මේ පුවත සැල විමෙන් පසු එහි යන විටත් දැක ගැනීමට හැකි විය. ලිස්සා වැටුනු තරුණයා සොයා ඇල්ලේ පහළ කොටසේද ප්‍රාදේශවාසීන් සෝදිසි කර බලා ඇති මුත් අතුරුදන් වු තරුණයා සොයා ගැනීමට නොහැකි වි ඇත. මෙම සිද්ධිය සැල විමෙන් පසුව අසුපිනි ඇල්ල පිහිටි ප්‍රදේශය අයිති මධ්‍යම පළාතේ කුරුදුවත්ත පොලිසියේ නිලධාරීන් පැමිණ එම දිනයේ රාත්‍රී 8 පමණ වන තෙක් අතුරුදන් වු තරුණයා සමඟ පැමිණි අනිකුත් තරුණයන් තිදෙනාගෙන් සාක්කි ලබා ගැනිම සිදු කරනු ලැබිය.ප්‍රාදේශවාසීන් පවසන්නේ මෙලෙස ඇල්ලෙන් පහළට ලෙස්සා ගොස් මිට පෙර 14 දෙනෙකු මිය ගිය බවයි.

ඇල්ලෙන් පහළට වැටුණු පසු පහළ කොටසේ ඇති ගල් කුහරයක් සහිත ජලය අවාටයක් මෙන් කැරකෙන ස්ථානයකට වැටෙන බවයි. එයට වැටුණු අයකු මීට පෙරද සොයා ගන්නේ දින දෙක තුනක් කල් ගත වුවායින් පසුව බවද පවසයි. ඒ සඳහා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් මෙන්ම ප්‍රාදේශවාසීන්ගේ සහාය ලැබුණත් එම වැටුණු අයගේ මළ කඳන් සියල්ල ගොඩට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම ජිවත් වන 74 හැවිරිදි රාජපක්ෂ ගෙදර අබේරත්න විසිනි.

අතුරුදහන් වු අයගේ පියා වන කුරුවිටගේ මහින්ද දාස ( 63 )

මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මේ අතුරුදහන් වේලා තියෙන්නේ බාලයා. මම හීනයකින්වත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් පුතාට වෙයි කියලා. ගොඩාක් අපසුයි කථා කරන්න. අද දවල් ගෙදර ඉඳන් විශ්ව විද්‍යාලයේ යාළුවොත් එක්ක ඇවිත් තියෙන්නේ මම ඒ වේලාවේ ගෙදර හිටියෙත් නැහැ. පුතා ඇල්ලට එන වේලාවේ. පොලිසියට මෙයාගේ යාළුවෝ දුන්න කට උත්තරය විදිහට මෙයා ඇල්ලෙන් වැටිලා තියෙන්නේ ඇල්ලේ උඩු කොටසෙන් අත පය සෝදා ගෙන අසුපිනි ඇල්ල වැටෙන ස්ථානයෙන් අනික් පසට ගිහින් ගලක් උඩ හිටගෙන අනික් අයට ජංගම දුරකථනය දිලා මෙයාගේ ජායාරූපයක් ගහන්න කියලා තියෙනවා. ඊට පස්සේ පුතා ලිස්සා ගිහින් තියෙනවා නමුත් එක යාළුවෙක් මෙයා අල්ලා ගන්න ගිහින් තියෙනවා එයාත් ගල උඩ ලිස්සා වැටි තියෙනවා. පුතා ලිස්සා ගිහින් වතුරට වැටිලා ඇල්ලෙන් පල්ලහයාට ගිහින් අනික් අය බලා සිටියදී පහළට ගියා කියලා තමයි ඒ පුතාලා කියන්නේ යැයි පැවසු ඔහු මෙවැනි දෙවල් ගැන අනිකුත් තරුණයන්ද සිතා බලා කටයුතු කරන්නේ නම් අනතුරු වළක්වා ගත හැකි බවද පවසනවා.

අසුපිණි ඇල්ල කඩා හැලෙන උඩුවැල්ල ප්‍රාදේශයේ ජිවත් වන ඇල්ලට වැටි මිය ගිය මිනි 14 ක් ගොඩ ගත් 74 හැවිරිදි රාජපක්ෂ ගෙදර අබේරත්න මහතා.

අපි මෙ ඇල්ල සම්බන්ධයෙන් විශේෂයෙන් මම මාධ්‍ය හරහා කොයි තරම් කථා කරලා තියෙනවාද ? නමුත් අපි සහ මේ ප්‍රාදේශයේ ජිවත් වන අය කියන දේවල් පිටින් එන තරුණයන් අහන්නේ නැහැ. ඊටත් මෙ දවස් වල වැස්ස වැඩි මෙ ස්ථානයට යෑම සුදුසු නැහැ. මෙ තරුණයන් එම ස්ථානයට ගියේ මොකටද කියලා මම දන්නේ නැහැ. අසුපිනි ඇල්ල බිලි ගන්නවා කියලා කියනවා. අසුපිනි ඇල්ල බිලි ගන්නේ නැහැ. නොසැලකිල්ල නිසා වෙන දේවල් තමයි මෙ වෙන්නේ. මිට කලින් 14 දෙනෙක් වැටිලා මිය ගියා දැනට අවුරුදු 8 කට විතර කලින් වැටුණාට පස්සේ තමයි මෙ තරුණයා වැටුනේ.

 

ඡායාරූප හා සටහන
මාවනැල්ල විශේෂ විජය බණ්ඩාර
අරණායක ප්‍රදීප් කුමාර සහ හෙම්මාතගම සමූහ

 


නව අදහස දක්වන්න

Or log in with...