ගම්පෙරළිය වැඩසටහනේ සමාරම්භක උළෙල | දිනමිණ

ගම්පෙරළිය වැඩසටහනේ සමාරම්භක උළෙල

2025 දී පොහොසත් රටක් යන තේමාවෙන් යුතුව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරණු ලබන ගම්පෙරළිය වැඩසටහනේ සමාරම්භක උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) නිකවැරටියේ දී පැවැත්විණි. නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කණුකැටිය, 'මුඩත්තව වැව' සංවර්ධන කටයුතු අගමැතිවරයාගේ සුරතින් ආරම්භ කෙරිණි.

දිවයින පුරා මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යංශය මඟින් රුපියල් මිලියන අටදහසක් වෙන්කර ඇති බව ඇමැති මංගල සමරවීර මහතා විසින් මේ අවස්ථාවේ දී හෙළි කරන ලදි. ඇමැති අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක, රාජ්‍ය ඇමැතිවරුන් වන එරාන් වික්‍රමරත්න සහ ජේ.සී අලවතුවල ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් ද, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ජනතා නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද උත්සව අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය - වාරියපොළ සමූහ


නව අදහස දක්වන්න

Or log in with...