ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට | දිනමිණ

ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අද (16) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තාෙව්.

හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට අදාළව පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වය, මෙම කැදවීමට හේතු වී ඇති බව සඳහන්.

විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය 3 වන අඟහරුවාදා පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ විරෝධතාවක නිරත විය.

එහිදී සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කරන ලද බවට ප්‍රසන්න රණවීර මන්ත්‍රවරයාට චෝදනා එල්ල වී අැත.


නව අදහස දක්වන්න

Or log in with...