ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුවන්ට ඇප | දිනමිණ

ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුවන්ට ඇප

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර හා උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාලට ඇප ලබාදීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තාවේ.

අදාළ නඩුව අද (16) ගල්කිස්ස ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී  විභාගයට ගැනුණි.

පසුගිය පෙබරවාරි මස 01 වන දා ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර, පෙබරවාරි මස 14 වන දා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

 


නව අදහස දක්වන්න

Or log in with...