අදියර කීපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා | දිනමිණ

අදියර කීපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා

අදියර කීපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට රජය තීරණය කර ඇති බව රජ්‍ය ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

රැකියා ලබාදීමේ දී බාහිර උපාධිධරීන් ඉවත් කිරීමක් සිදු නොකෙරේ. වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා ඇත. අදියර කීපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට රජය තීරණය කර ඇති අතර අදියර එක සහ දෙක යටතේ 2018 වසරේ රැකියා ලබාදීමටත් අදියර තුන සහ හතර යටතේ ඉතිරි උපාධිධාරීන්ට  2019 වසරේ දී රැකියා ලබාදීමටත් නියමිතය.

උපාධිධාරීන්ට පමනක් නොව සියලු දෙනාට තම සුදුසුකම් නත රැකියා අවස්ථා ලබාදීම රජයේ ප්‍රතිපත්තියයි. එසේ ම රැකියා ඉලක්ක කරගනිමින් නම උපාධි පාඨමාලා හඳුනවා දීමටත් පවතින පාඨමාලා රැකියා ඉල්ලුමට සරිලන ලෙස සකස් කිරීමටත් කටයුතු සිදු කරමින් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරය පැවසී ය.

අදහස් 1ක් ඇත

It is good to provide employments to unemployed graduates, but is best if the employments could be found in the private sector, so that the scheme is not a burden on the Treasury as Government employments do not contribute directly to the National Economy, it is a liability. Obtaining a degree does not imply that all of them must be absorbed to Government employments.

නව අදහස දක්වන්න