Dell නවතම මාදිලියේ ලැප්ටොප් රැසක් හදුන්වා දෙයි | දිනමිණ

Dell නවතම මාදිලියේ ලැප්ටොප් රැසක් හදුන්වා දෙයි

 ඩෙල් (Dell)සමාගම විසින් Dell G3 15 සහ Dell G7 15 නමින් නවතම වින්ඩෝස් 10 ගේමින් පරිගණක දෙකක් හදුන්වා දෙමින් ඊයේ(17) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් නිවේදනය කරනු ලැබීය.

විවිධ ආදායම් මට්ටම්වලින් යුත් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන්ට සහ ලෙවීම් හැකියාවට ගැලපෙන ගේමින් විසදුම් පිරිනැමීමෙහිලා කැපවීමකින් යුක්තම ඩෙල් සමාගම විසින් මෙම හදුන්වා දීම සිදු කරන ලදි.

Ant-Man සහ The Wasp චිත්‍රපටවල සිට Hank Pyms ​පරික්‍ෂණාගාරය දක්වා තාක්‍ෂණය චිත්‍රපටය පුරා විශාල කාර්යභාරයක් ඉටුකරන බැවින් ඩෙල් මාවල් ස්ටුඩියෝ සමග එක්ව මෙම නවතම හදුන්වාදීම සිදු කළේය. නවතම G කාණ්ඩයේ පරිගණක ඇතුළුව ඩෙල් උපාංග චිත්‍රපටය පුරා කැමරාව පිටුපස සිදුවන විශ්මිත සම්බන්ධීකරණය සදහා දායක වූ අතර චිත්‍රපටය තුළ දෘශ්‍යමාන පිංතූර ඇති කිරීමෙහිලා ඩෙල් දෘඩාංග සිදු කළ මෙහෙය අපමණය.

Inspiron Gaming සිට Dell G Series දක්වා විතැන් වූ නවතම මාදිලියේ ශ්‍රී ලංකාවේ නව ගේමින් ලැප්ටොප් දෙකට, Dell G3 15 සහ Dell G7 15 නව පෙනුමක් ලබා දේ.

මෙම ලැප්ටොප් ඉතා පහසු මිලකට gaming-forward නිර්මාණ සහ ක්ෂණික ක්‍රියාකාරීත්වයක් ලබා දෙයි. මෙම නවතම ගේමින් ලැප්ටොප් බලසම්පන්න NVIDIA GeForce GTX 10 කාණ්ඩයේ ග්‍රැෆික් සැකසුම් එක්කයකින්, අටවෙනි පරම්පරාවේ ප්‍රොසෙසරයන්, තර්මල් කළමනාකරණ විසදුම්, intelligent content prioritisation මෘදුකාංග, anti-glare IPS පැනලයන් සහ භාවිතකරුවන්ට විශ්මිත ගේමින් අත්දැකීමක් ලබා දීම සදහා අවශ්‍ය සියළුම උපාංගයන්ගෙන් සමන්විතය‍.

ඩෙල් EMC PowerEdge සර්වර්ස් සහ ඩෙල් Precision වර්කස්ටේෂන්ස් ඇතුළු ඩෙල් දෘඩාංග චිත්‍රපටයන් හී සජීවී දෘශ්‍ය නිර්මාණ ඇති කිරීමෙහිලා සහාය වේ.

නව අදහස දක්වන්න