මේ සතිය ඔබට කොහොමද? | දිනමිණ

මේ සතිය ඔබට කොහොමද?

ජූලි මස 18 සිට ජූලි මස 24 දක්වා

මේෂ
ආදායම යහපත්

වෘත්තීමය වෙනස්වීම් සිදුවිය හැක. වාසස්ථාන වෙනස්වීම් ද ඇතිවේ. පාසල් අධ්‍යාපනයට බාධා ඇත. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් ඇත. මඟුල් තුලා කටයුතුවලට සුබ නැත. පෙම්වතුන්ට දැඩි ස්වාධීනත්වයක් ගෙන දේ. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට ඉස්මතු විය හැක. විදේශීය ගමන් යෙදේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට මේ සතිය යහපත්ය. සෙම් රෝග ඇතිවේ.

වෘෂභ
ව්‍යාපාරවලට සුබයි

වෘත්තීමය කටයුතුවල මාරුවීම්, වෙනස්වීම් ආදිය සිදුවේ. බහුවිධ ආදායම් මාර්ග ඇතිවේ. වාසස්ථාන මාරුවීම් සිදුවේ. උසස් අධ්‍යාපනයට බාධා ගෙනදේ. විදේශීය ගමන් කල්යයි. කොන්ත්‍රාත්, වෙළෙඳ ව්‍යාපාරවලට හිතකර සතියකි. උරුම හිමිකම් ලැබිය හැක. හදිසි දුර ගමන්, කෙටි ගමන් යෙදේ. අනිසි මුදල් ආයෝජනයක් ද යොදන්නට සිදුවේ. රුධිර පීඩන ආදිය ඉස්මතු විය හැක.

මිථුන
සාමයට බාධා ඇතිවේ

බහුවිධ ආදායම් මාර්ග ලබයි. කොන්ත්‍රාත්, අඩමාන ව්‍යාපාරවලින් වාසි ලැබිය හැකි අවස්ථා යෙදේ. යුග දිවියේ සාමයට බාධා ඇත. හදිසි මුදල් වාසි ලබයි. ලොතරැයි දිනුම් වාසි ඇත. හවුල් ව්‍යාපාරවල සගයන් අතර ගැටුම් ඇතිවිය හැක. එම ව්‍යාපාරවලට හිතකර තත්ත්වයක් නැත. ලාභයක් ද නොමැත. ආදායම් වැඩිකර ගැනීමට දැඩි ආයාසයක් ගනී, කැපවීම් ද කරයි. රුමෙටික් ආබාධ සෑදිය හැක.

කටක
ප්‍රතිවාදීන් හා ගැටුම්

මේ සතිය මානසික පීඩා නිසා, ගන්නා ආයාසයන්ට බාධා ආදිය එල්ලවන සතියකි. දැඩි මානසික අසහනයන්ට මේ නිසා බාධා ඇතිවෙයි. පවුල් ජීවිතයට හිතකර සතියක් නොවේ. අසමඟිය වර්ධනය විය හැක. ප්‍රතිවාදීන් සමඟ ගැටුම් ඇතිවිය හැක. අය පක්ෂය එතරම් හොඳ නැත. ගෘහස්ථ කරදර පෙන්වයි. දුර බැහැර මෙන්ම කෙටි ගමන් ද යෙදේ. එහෙත් අපේක්ෂිත ප්‍රයෝජන නොලැබෙයි. අධ්‍යාපනයට එතරම් නරක නැත. සෙම් රෝග ඇතිවේ.

සිංහ
කාර්ය බහුල සතියක්

වියදම් අධික වේ. බහුවිධ ආදායම් මාර්ග කරා යා හැක. අධ්‍යාපන ක්ෂේත්‍රවලට අතිරේක මුදල් වැයවේ. එහෙත් එහි පසුබෑමක් නැත. වාහන ගනුදෙනු ඇති අයට පාවිච්චි කළ වාහන ගත හැකිය. ඉඩම්, වතුපිටි සම්බන්ධ ගැටුම් ඇතිවේ. පුවත්පත්, ග්‍රන්ථ ආදී ක්ෂේත්‍රවල නිරතවූවන්ට කාර්ය බහුල සතියකි. එහෙත් ජනප්‍රිය විය හැක. සමේ රෝග, රුමෙටික් ආබාධ ඇතිවේ.

කන්‍යා
ලොතරැයි දිනුම්

ශාස්ත්‍රවේදීන්ගෙන්, ආචාර්යවරුන්ගෙන් උපකාර ලබයි. ග්‍රන්ථකරණ ක්ෂේත්‍රයේ සිටින්නන්ට හිතකර සතියකි. සෞන්දර්ය කලාවට සුබ කාලයක් නොවේ. අය පක්ෂය සාර්ථකය. ප්‍රවාහන වියදම් අධිකය. හදිසි මුදල් වාසි ලැබේ. ලොතරැයි දිනුම් ඇත. ගුප්ත රෝග ඇතිවිය හැක. වෘත්තීය කටයුතුවලට සුබ වේ. කාර්යබහුල වේ. සෙම් රෝග ඇතිවිය හැක.

තුලා
පුණ්‍ය කටයුතු යෙදේ

වෘත්තීමය කටයුතු සාර්ථකය. වෘත්තීමය කාර්යයන් බහුවිධ විය හැක. තම දක්ෂතා ඉස්මතු වේ. ප්‍රවාහන පහසුකම් ලබයි. දුරබැහැර ගමන්, විදේශීය ගමන් ආදිය යෙදේ. පරිපාලන තත්ත්වයන් ලැබේ. ඉඩම් ගැටලු ඇතිවේ. පෙම්වතුන්ට බාධා ගෙන දෙන සතියකි. පුණ්‍ය කටයුතුවල යෙදේ. දියවැඩියා රෝගය ඉස්මතු විය හැක.

වෘශ්චික
අධ්‍යාපනයට බාධා ඇතිවේ

කෙටි ගමන් මෙන්ම දුරබැහැර ගමන් ද යෙදේ. සුඛෝපභෝගී දේට අධිකව වියදම් පෙන්වයි. වෘත්තීමය වශයෙන් යාන වාහන වියදම් මෙන්ම ගමන් ප්‍රවාහන වියදම් ද අධික වේ. ලැබෙන්නට නියමිත මඟුල් තුලා කටයුතුවලට සුබ සතියක්‍ නොවේ. පාසල් අධ්‍යාපනයට බාධා ගෙනදේ. දුරබැහැර වන්දනා ගමන් යෙදිය හැක. රුධිර දෝෂ ඇතිවේ.

ධනු
වියදම් අධික වේ

හදිසි මුදල් වාසි ලැබේ. වගකීම්, භාරකාරත්වය ලැබෙනු ඇත. පාසල් අධ්‍යාපනයට, උසස් අධ්‍යාපනයට හිතකර කාලයකි. හදිසි වියදම් අධික වේ. ප්‍රවාහන පහසුකම් ලබයි. ඒ දුරබැහැර ගමන් සඳහාය. ස්ත්‍රීන්ගෙන්, වැඩිමහල් සහෝදරයන්ගෙන් උපකාර ලබයි. හවුල් ව්‍යාපාර, වෙනත් ස්වාධීන ව්‍යාපාරවලට හිතකර සතියකි. දියවැඩියාව, කොන්දේ ආබාධ ආදිය ඇතිවේ.

මකර
අපවාද ලබයි

උත්සාහයේ තරමට සාර්ථක නැති වුණත් අය පක්ෂය යම් සැනසිලිදායක ලාභයක් ලබයි. හවුල් ව්‍යාපාරවලට සුබවේ. ඉඩම් මිලදීගැනීමේ ගනුදෙනු ඇතිවිය හැක. ස්ත්‍රී පාර්ශ්ව නිසා අපවාද ලබයි. ප්‍රධානීන් සමඟ මෙන්ම තම පියා සමඟ ද ගැටුම් ඇතිවිය හැක. ග්‍රන්ථකරණයේ යෙදී සිටින්නන්ට හිතකර සතියකි. කලාවේ ප්‍රගතියක් නැත. උදරාබාධ ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.

කුම්භ
පෙම්වතුන්ට අපලයි

ආයෝජනවලින් ප්‍රතිලාභ ගෙනේ. විදේශගතවීමේ අවස්ථාව ලබයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායකය. තම සේවා ස්ථානයේ වැඩි වශයෙන් වගකීම් පැවරේ. කාර්යබහුල වේ. අභියෝග මධ්‍යයේ රාජකාරි කිරීමට සිදුවේ. පෙම්වතුන්ට අපල සතියකි. ප්‍රවාහන වියදම් අධිකය. උසස් අධ්‍යාපනයට අවහිරතා නැත. පාසල් ක්ෂේත්‍රයට බාධා ගෙනදේ. යුගදිවියේ සමඟියට බාධා ගෙන දේ. සෙම් රෝග ඇතිවේ.

මීන
විදේශ ගමන් යෙදේ

ප්‍රභූන්, දේශපාලනඥයන් හා ඇසුරක් ඇතිවේ. පරිපාලන බලයක් ඇත. උසස්වීම් ද ලබයි. කලාවට යහපත් සතියකි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර සතියකි. විදේශ ගමන් යා හැක. මුදල් වාසි ලබයි. අධ්‍යාපනයට හිතකර සතියකි. පෙම්වතුන්ට බාධා අවහිරතා ඇත. සමේ රෝග, වකුගඩු රෝග ඇතිවිය හැක.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න