Best Web.LK - දිනමිණ සහ තිනකරන් යළි ඔසවා තබයි | දිනමිණ

Best Web.LK - දිනමිණ සහ තිනකරන් යළි ඔසවා තබයි

කොළඹ ගලදාරි හෝටලයේ දී අද (18) රාත්‍රියේ පැවතී හොඳම ශ්‍රී ලාංකික වෙබ් අඩවිය තෝරාගැනීමේ සම්මාන උළෙලෙහි (Best Web.lk) සම්මාන රැසක් ලබාගැනීමට ලේක්හවුස් අන්තර්ජාල ප්‍රකාශන සමත් වී තිබේ.

ඒ අනුව මෙම තරගාවලියෙන් www.dinamina.lk වෙබ් අඩවිය සඳහා හොඳම Sports and Entertainment Website - Merit සම්මානය හිමිව ඇත.

අප ද්‍රවිඩ මාධ්‍ය අන්තර්ජාල ප්‍රකාශනය වන www.thinakaran.lk වෙබ් අඩවිය සඳහා සම්මානය සහ හොඳම ද්‍රවිඩ මාධ්‍ය වෙබ් අඩවියට හිමි Best Tamil Website - Merit Award සම්මානය ද හිමිව තිබේ.

එම සම්මාන රාත්‍රියේ දී දිනමිණ වෙබ්අඩවියට හිමි සම්මානය වෙබ් මාධ්‍යවේදී නිරෝෂන් හර්ෂන ජයසිංහ විසින් ද, තිනකරන් වෙබ් අඩවියට හිමි සම්මානය වෙබ් කර්තෘ රිස්වාන් සේගු මොහිදීන් විසින් ද ලබා ගත්හ.

මෙම තරඟාවලිය LK domain Registry ආයතනය මඟින් වාර්ෂිකව සංවිධාන කරනු ලබයි.

 

අදහස් 1ක් ඇත

ජයවේවා!!!

නව අදහස දක්වන්න