Wednesday, ජූලි 18, 2018 - 09:28
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේත් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසූයේ දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50ත්, 60ත් අතර ප්‍රහාරාත්මක සුළං ද ඇති විය හැකි බවයි.
සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
නව අදහස දක්වන්න