මා ළඟ පාතාලයෝ නෑ | දිනමිණ

මා ළඟ පාතාලයෝ නෑ

විජයානි එදිරිසිංහ

තම ආරක්ෂාවට ‍ බොඩි ගාඩ්ලා වශයෙන් පාතාලය යොදා‍ ගෙන ඇති බවට එල්ල වී ඇති මාධ්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ප්‍රාදේශීය සංවර්ධන වනජීවි ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඇමැතිවරයකු වශයෙන් සහ ෆිල්ඩ් මාෂල්වරයා ලෙසට සිය ආරක්ෂාව වෙනුවෙන් රජයෙන් පොලිසියේ පොලිස් පරික්ෂකවරු 4ක් විශේෂ කාර්ය බළකායේ 4 ඇතුළු 17 දෙනකු සමග පොලිසියේ වාහන දෙකක්ද ලබා දි ඇති බව එ මහතා පවසයි.

ඒ හැර හොර තුවක්කු හොර ගල්කටස් හෝ වෙනත් ආයුධ සහිත පාතාලයේ යැයි කියන කිසිදු පුද්ගලයෙක් සිය ආරක්ෂාවට යොදා ගෙන ‍ නොමැති බවත් එවැනි ආරක්ෂාවක් තමාට අවශ්‍ය නොවන බවද ෆීල්ඩ් මාෂල්වරයා කියා සිටියි.

පෞද්ගලික මාධ්‍ය ආයතන දෙකක මිට දින කිහිපයකට පෙර පළවි තිබු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කරමින් ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා මෙම කරුණු හෙළිදරව් කළේය.

එම ව්‍යාජ ප්‍රවෘත්තිය පළ කළ ආයතන දෙකට එරෙහිව මිලියන පන්සියය බැගින් වන්දි ඉල්ලා නඩු පැවරිමටද අමාත්‍යංශය විසින් පියවර ගෙනඇත.

නව අදහස දක්වන්න