ෆොන්ටෙරා ආහා­ර සුර­ක්ෂි­ත­තාව සහ ප්‍රමි­තිය පුළුල් කරයි | දිනමිණ

ෆොන්ටෙරා ආහා­ර සුර­ක්ෂි­ත­තාව සහ ප්‍රමි­තිය පුළුල් කරයි

ලොව පුරා ජනතාවට නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න ජීවිත ගත කිරීමට නම් සුරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාරපාන පරිභෝජනය කිරීමේ අවස්ථාව ලැබීම බෙහෙවින් වැදගත්ය. මෙහි දී ආහාරපාන නිෂ්පාදන කර්මාන්තය සතු වගකීම සුළුපටු නොවේ.

මේ වගකීම මැනැවින් ඉටු කිරීමේ පියවරක් වශයෙන්, හුදෙක් නීතිරීතිවලට අනුගත වීමේ සීමාවන් ඉක්මවා යමින් ආහාරවල සුරක්ෂිතතාව සහ උසස් තත්ත්වය සහතික කිරීම සඳහා රු. මිලියන 240කට වැඩි ආයෝජනයක් සිදුකිරීමට ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගම දැනටමත් කටයුතු කර ඇත.

ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මහතා පැවැසුවේ නිෂ්පාදන සැලසුම් කිරීමේ සිට පරිභෝජනය දක්වා සමස්ත ක්‍රියාවලිය පුරාවටම ආහාරවල සුරක්ෂිතතාව සහ තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා සමාගම කැපවී කටයුතු කරන බවයි.

‘අමුද්‍රව්‍ය සපයා ගැනීමේ සිට සමස්ත නිෂ්පාදන සහ අලෙවි ක්‍රියාවලිය පුරාවටම අප ආහාරවල සුරක්ෂිතතාව සහ තත්ත්වය සම්බන්ධ භාරකරුවන් ලෙස කටයුතු කරනවා.’ ඒ මහතා පැවැසීය.

මෙහි තවත් ඉදිරි පියවරක් වශයෙන්, තම කිරිපිටි ඇසුරුම් කිරීමේ කර්මාන්ත ශාලාව තුළ, අනවශ්‍ය බාහිර ද්‍රව්‍ය හඳුනා ගැනීමේ දියුණු තාක්ෂණික උපාංග සවිකිරීම සඳහා රු. මිලියන 192ක ආයෝජනයක් සිදුකිරීමට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම මෑතක දී කටයුතු කළේය.

නව අදහස දක්වන්න