සන්ෂ­යින් හෝල්ඩින්ස් කෘෂි­කර්ම සහ සෞඛ්‍ය ක්ෂේ‍ත්‍රයේ විශි­ෂ්ට­යන් සම්මා­න­යට | දිනමිණ

සන්ෂ­යින් හෝල්ඩින්ස් කෘෂි­කර්ම සහ සෞඛ්‍ය ක්ෂේ‍ත්‍රයේ විශි­ෂ්ට­යන් සම්මා­න­යට

ශ‍්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකි සන්ෂයින් හෝලිඩින්ස් හි කෘෂිකර්ම සහ සුවසේවා ක්‍ෂ්ත‍්‍රවල විශිෂ්ට සේවක සේවිකාවන් ඇගයීමේ උත්සවයක් පසුගිය දා පැවැත්විය.

කොළඹ සිනමන්ග‍්‍රෑන්ඞ් හෝටලයේ දී පැවැති මේ උත්සවයේදී සම්මානයට පාත‍්‍ර වූයේ 2017/18 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට සේවා කුසලතාවක් පෙන්නුම් කළ සේවක සේවිකාවනුයි.

වසර 50ක සන්ෂයින් හෝලිඩින්හි ඉතිහාසය තුළ කෘෂිකර්ම සහ සුවසේවා ක්ෂේත‍්‍රවල විශිෂ්ටයන් එකම වේදිකාවක් තුළ දී ඇගයීමට ලක් කෙරුණු ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර සම්මානයට පාත‍්‍ර වූ සේවක සේවිකාවන්ට මේ වර්ණ රාති‍්‍රය සුවිශේෂී අවස්ථාවක් විය.

මේ අවස්ථාව වටවල වැවිලි සමාගමේ සභාපති සුනිල් විජේසිංහ, සන්ෂයින් හෝල්ඩින්ස් හි කළමනාකර අධ්‍යක්‍ෂ විෂ් ගෝවින්දසාමි, සන්ෂයින් සමූහයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන්, ආරාධිතයන් සහ සන්ෂයින් හෙල්ත්කෙයාර්, හෙල්ත්ගාඞ්, වටවල වැවිලි සමාගම හා හැටන් වැවිලි සමාගම යන ආයතනවල සේවක සේවිකාවෝ සහභාගි වූහ.


නව අදහස දක්වන්න

Or log in with...