බ්‍රිතාන්‍ය කවු­න්සි­ලය සහ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය එක්වෙයි | දිනමිණ

බ්‍රිතාන්‍ය කවු­න්සි­ලය සහ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය එක්වෙයි

ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන International School Award (ISA) සම්මාන උළෙලේ අවසන් අදියර පසුගිය දා පවත්වන ලදි. මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් යන මහත්වරු සහභාගී වූහ. දිවයින පුරා පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් 170 දෙනකු සහ ගුරුවරුන් 340 දෙනකු මීට සහභාගී වූ අතර, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පාසල් නියෝජිතයෝ රැසක් මෙහි දී විශේෂ ඇගයීමට ලක්වූහ.

පාසල්වල ජාත්‍යන්තරw ඉගෙනුම් හා සහයෝගීතා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය වසර 13ක පමණ කාලයක් එක්ව කටයුතු කරමින් සිටී. මෙබඳු ක්‍රමවේදයන් ආදර්ශමත් ලෙස ක්‍රියාවට නංවන පාසල් සඳහා International School Award (ISA) සම්මාන පිරිනැමීම සිදුකෙරිණි. මේ වනවිට රටවල් 54ක ක්‍රියාත්මක කර ඇති මේ වැඩසටහන තොරතුරු තාක්ෂණය, නිර්මාණාත්මක දැනුම් ක්‍රමවේද සහ ප්‍රයෝගික ඉගෙනුම යන සාධක සමඟ, විදේශ පාසල් සමඟ හවුල්කාරීත්වයන් ගොඩනංවා ගනිමින් නිර්මාණශීලී ලෙස ඉගෙන ගැනීම සඳහා පසුබිම නිර්මාණය කිරීමට උපකාරී වෙයි. එමෙන්ම මෙය පාසල්වල අධ්‍යාපන මට්ටම ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා ද අත්වැලක් වේ.

තවද International School Award වැඩසටහන UK Aid අරමුදලේ දායකත්වය සමඟින්, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පාසල් සඳහා වන ජාත්‍යන්තර වැඩසටහනේ (Global Education Programme for Schools) කොටසක් ලෙස ක්‍රියාත්මක වන්නකි. නව ලොවට අවශ්‍ය ජාත්‍යන්තර දැනුම සහ සහ ඉගෙනුම ලබාදීම මේ වැඩසටහනේ අරමුණ වී ඇත. එමෙන්ම මෙමගින් විචාරශීලී චින්තනය, ගැටලු විසඳීමේ හැකියාව, නව්‍යකරණය හා නිර්මාණශීලී චින්තනය, ඩිජිටල් සාක්ෂරතාව, පුරවැසි වගකීම්, ශිෂ්‍ය නායකත්වය, සහයෝගීතාව සහ සන්නිවේදනය වැනි විසි එක්වැනි සියවසට අවශ්‍ය වන කුසලතා හා ගුණාංග තම පාසල්වල ඉගෙනුම් ක්‍රමවේදයන්ට ඇතුළත් කරගැනීමේ හැකියාවන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් තුළ ඇති කරවනු ලැබේ.

නව අදහස දක්වන්න