මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවිය හැකියි | දිනමිණ

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවිය හැකියි

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
 
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty winds) ඇතිවිය හැක.

නව අදහස දක්වන්න