යුද හමුදාවෙන් වෙරළ සංරක්ෂණයේ තවත් අදියරක් | දිනමිණ

යුද හමුදාවෙන් වෙරළ සංරක්ෂණයේ තවත් අදියරක්

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ සංකල්පයක් මත වෙරළ සංරක්ෂණ සඳහා මයිලඩි වෙරළ තීරයේ පොල් පැල සිටුවීමේ තවත් අදියරක් මයිලඩි ප්‍රදේශයේ දී පසුගිය18 වන දින පවත්වා තිබේ.

මෙහිදී පොල් පැල දෙසියයක් පමණ රෝපණය කළ අතර 515 බලසේනා මුලස්ථානය සංවිධාන ශක්තියෙන් යුතුව මෙම වැඩසටහන පවත්වා ඇත.

මෙම උත්සවය සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, යාපනය අතිරේක දිස්ත්‍රීක් ලේකම් එස්.මුරලිදරන්, තෙලිපිපලේ ප්‍රදේශීය ලේකම් එස් ශ්‍රිවාශ්‍රී, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්, යුධ හමුදා  ජේෂ්ඨ නිළධාරීන් සහ යුධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක්  මෙම අවස්තාවට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

Or log in with...