හිටපු ආරක්‍ෂක ලේකම් ඇතුළු 07 දෙනෙකුට සිතාසි | දිනමිණ

හිටපු ආරක්‍ෂක ලේකම් ඇතුළු 07 දෙනෙකුට සිතාසි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට සැප්තැම්බර් මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර ඇත.
 
ඉකුත් රජය සමයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 80කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියේසැකකරුවන් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකු නම් කර තිබේ.
 
අදාළ පැමිණිල්ල අද(20) කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවය.
 
ඒ අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ අනුව ඒ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත්දෙනකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන මෙන් ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
 
එම ඉල්ලීම පිළිගත් අධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට සැප්තැම්බර් මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර ඇත.
 

නව අදහස දක්වන්න