අභාවයන් | දිනමිණ

අභාවයන්

කේ.කේ. විමලපාල කළුආරච්චි මහතා - විශ්‍රාමික (ප්‍රධාන ගණකාධිකාරී මහවැලි අමාත්‍යාංශය සහ පශු සම්පත් වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය) විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිනි ප්‍රියංවදා දිසානායක මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද,​ (ශ්‍රී සුමංගල පිරිමි ජාතික පාසල පානදුර),​ කලනි කළුආරච්චි (ගණකාධිකාරී විදුලිබල මණ්ඩලය ගල්කිස්ස),​ අචිනි කළුආරච්චි (දන්ත ශල්‍ය වෛද්‍ය ඕස්ට්‍රේලියාව,​ මෙල්බන්) රවිඳු කළුආරච්චි (පරිගණක ඉංජිනේරු අයි.එෆ්.එස්. වැල්ලවත්ත) යන අයගේ දයාබර පියාණන් වූද,​ නුවන් අල්විස් (සිංගප්පූරුව) සමන් පෙරේරා (ඕස්ට්‍රේලියාව) යන අයගේ මාමණ්ඩිය වූද,​ විමලපාල කළුආරච්චි මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2018.07.22 ඉරුදින සවස පානදුර මිනුවන්පිටිය ආදාහනාගාරයේදී සිදු කරනු ලබයි. නො. 23,​ කුරුඳුවත්ත,​ ඉන්ද්‍රජෝති මාවත,​ තන්තිරිමුල්ල,​ පානදුර.
081815

වෛද්‍ය සුගතදාස කොතලාවල මහතා - වෛද්‍ය ඇඩ්ලින් කොතලාවලගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ සේනානි,​ දීපානි සහ ගීතානිගේ දයාබර පියාණන් වූද,​ කමල් වීරතුංග,​ ගාමිණී සමරනායක සහ උදයංග සේරම්ගේ මාමණ්ඩිය වූද,​ නැසීගිය හේමා අමරසේන,​ ශීලා සහ පියසීලිගේ දයාබර සොහොයුරා වූද,​ නැසීගිය අමරසේන පාවුළුආරච්චි,​ නැසීගිය ඒ. එම්. ගුණරත්න සහ පී.පී. වෛද්‍යසේකරගේ මස්සිනා වූද,​ වෛද්‍ය සුගතදාස කොතලාවල මහතා අභාවප්‍රාප්ත විය. දේහය තලංගම,​ නව නුවර පාරේ,​ නො. 400B,​ මහින්ද පනාගොඩ මල් ශාලාවේ (කොස්වත්ත - බත්තරමුල්ල) තැන්පත් කර තැබේ. ආදාහනය 2018 ජූලි 21 වන සෙනසුරාදා ප.ව. 3.00 ට බත්තරමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
080908

W.S. හුළුගල්ලේ මහතා - (විශ්‍රාමික රාජ්‍ය පරිපාලන සේවය) - රූපා තෙන්නකෝන් මහත්මියගේ ආදරණීය සැමියා වූද,​ ශ්‍රියානි සහ ලක්ෂ්මන්ගේ ආදරණීය පියාණන් වූද,​ දිල්රුක්ෂිගේ මාමණ්ඩිය වූද,​ සචිනි,​ සජිනි,​ පමෝධිගේ මුත්තනුවන් වූ,​ W.S. හුළුගල්ලේ මහතා අභාවප්‍රාප්ත විය. දේහය කොළඹ 05,​ 18/​21,​ E.D. දාබරේ මාවත නිවසේ තැන්පත් කොට ඇත. අවසන් කටයුතු ජූලි මස 22 ඉරිදා සවස 4.30 ට බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදු කෙරේ. නිවසින් පිටත්වීම සවස 3.30 ට සිදු කෙරේ.
082168


නව අදහස දක්වන්න

Or log in with...