මුත්‍රා කරන්නට බසය නතර කරන්නැයි ඉල්ලු මහල්ලාට ගුටි බැට | දිනමිණ

මුත්‍රා කරන්නට බසය නතර කරන්නැයි ඉල්ලු මහල්ලාට ගුටි බැට

මුත්‍රා කරන්නට බස්රථය නතර කර දෙන්නැයි ඉල්ලූ වයෝවාද්ධ පුද්ගලයෙකුට පෙරේදා (19) රාත්‍රියේදී බදුල්ල මහියංගන මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු අතින් පයින් පහරදී එම පුද්ගලයා බස් රථයෙන්ද බිමට ඇද දමා ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයා මීගහකිවුල නගරයේ රාත්‍රී මුර සංචාරක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීහු පිරිසක් එක්ව මීගහකිවුල රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ බදුල්ල පස්සර පාර තුනේ කණූව පදිංචි ඩබ්ලිව් එම් කුලරත්න (67) නැමැති පුද්ගලයෙකි.

බස් රථයේ ගමන් ගනිද්දී තමුන්ට සුලු දිය (මුත්‍රා පහ කිරීම ) පහ කිරීමේ අවශ්‍යතාවක් දැනුනු බැවින් ඒ සදහා බස් රථය නතර කර දෙන්නැයි ඉල්ලා සිටීමේදී වියරු වැටුණූ කොන්දොස්තරවරයා තමුන්ට පහර දී බසයෙන්ද බිමට තල්ලු කර දැමූ බව පහර කැමට ලක්ව රෝහල් ගත කර සිටින පුද්ගලයා පැවැසීය .

මහියංගනය නගරය කරා යාම සදහා තමා බදුල්ල සිට මහියංගණය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රියකට බදුල්ල බස් නැවැතුමෙන් ගොඩ වූ බවත් මීගහකිවුල නගරය ආසන්න වෙද්දී තමාට දැණුනු මුත්‍රා බර දරා ගත නොහැකිවීම නිසා ඒ බව කීප විටක්ම කොන්දොස්තරවරයාට මෙන්ම රියදුරාටද පැවැසූ බවත් ඒ ඇසූ කොන්දොස්තරවරයා තමුන්ට පහරදී බසයෙන් බිමට ඇද දැමූ බවත් තුවාල කරු පැවැසීය .

පසුව තමා එහි සිටි පිරිස කල දැනුම් දීම මත නගරයේ රාජකාරියේ යෙදී සිටි කන්දකැටිය පොලීසියේ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැණූම් දුන් අතර ඔවුන් තමාව මීගහකිවුල රෝහල වෙත ගෙනවිත් ඇරලවූ බවද කුලරත්න මහතා පැවැසීය

සිද්ධීය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂන පවත්වයි.

මීගහකිවුල සමූහ එන් නවරත්න

නව අදහස දක්වන්න