කතරගම ඇසළ මංගල්‍යයේ 9 වැනි පෙරහර අද | දිනමිණ

කතරගම ඇසළ මංගල්‍යයේ 9 වැනි පෙරහර අද

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 7 වැනි පෙරහර මංගල්‍ය පසුගිය දි (19) අති උත්කර්ෂවත් අයුරින් විදි සංචාරය කෙළේය.

කතරගම දෙවියන් වත පුටුව වෙත වැඩම වීමෙන් අනතුරුව පෙරහර විදි සංචාරය කිරීම ආරම්භ වු අතර වල්ලි අම්මා දේවාලය වෙත ගොස් චාරිත‍්‍ර ඉටු කිරිමෙන් අනතුරුව පෙරහර නැවත මහා විදිය ඔස්සේ දේවාලයට ගමන් කර දෙවියන් ඇතුල් මාලිගයට වැඩමවා ගෙවිමේ චාරිත‍්‍රයෙන් පසුව නිමාවට පත්විය.

කතරගම ඇසළ මංගල්‍යයේ 9 වැනි පෙරහර මංගල්‍ය අද රාති‍්‍ර 7.14 ට යෙදෙන සුබ නැකතින් ආරම්භ වී ප‍්‍රධාන වහල් කඩ තුළින් පිට වී පිට විදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කිරීමට නියමිත බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා පවසයි.

කතරගම දෙවියන්ට ආවේනික වු මොණර. කාවාඩි නැටුම් අංග රැසක් මෙවර ඇසළ මංගල්‍යට එක් කර ගෙන ඇති අතර මේ වන විට පෙරහර ආරම්භ වු පසුගිය 13 වැනි දින සිට බැතිමතුන් ලක්‍ෂ 5 කට ආසන්න පිරිසක් දේවාලය වැද පුදා ගෙන ඇති බව බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා පවසයි.

කතරගම දේවාලයේ අවසන් මහා පෙරහර ලබන 27 වැනි දින පවත්වා 28 වැනි දින මැණික් ගෙග් දිය කැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්වේ.

කතරගම සංචාරක

නව අදහස දක්වන්න