ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යයි | දිනමිණ

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යයි

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යමින් පවතියි.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ඇමරිකානු ඩොරලය පහත වැටීම සහ සෞදි අරාබියේ සැපයුම පහත වැටීම වැනි සාධක හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ඉකුත් සති අන්තය වනවිට ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 71 කට ආසන්න විය.

මේ අතර, ලොව වැඩිම භාවිතයක් සහිත බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 73 යි ශත 11 ක් ලෙසයි.

නව අදහස දක්වන්න