මෝදර ගැහැනු ළමෝ 2ක් කැලිඩෝ මුහුදේ ගිලෙති | දිනමිණ

මෝදර ගැහැනු ළමෝ 2ක් කැලිඩෝ මුහුදේ ගිලෙති

කළුතර කැලිඩෝ මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ පිරිසක් දියේ ගිලී ඇති අතර ඉන් රෝහල්ගත කළ ගැහැනු ළමයින් දෙදෙනෙකු මියගොස් ඇත. මේ පිරිස කැලිඩෝ මුහුදේ දියනෑමට ගොස් ඇති අතර එහිදි මව, පියා, දියණිය සහ තවත් ඥාති ගැහැනු ළමයෙකු දියේ ගිලි ඇති බව පොලීසිය සඳහන් කළේය.

නාවික හමුදාවේ ජීවිතාරක්ෂක නිලධාරින් විසින් ඔවුන් බේරාගෙන කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගැහැනු ළමුයින් දෙදෙනා මියගොස් තිබේ. මියගොස් ඇත්තේ මෝදර , ශාන්ත අන්ද්‍රේ පහළ පාර පදිංචිව සිටි 11 හැවිරිදි අමාලි හංසිකා හා නිෂෙල් ඩී. වෝනර් යන දෙදෙනාය. කළුතර කැලිඩෝ මුහුදු තීරයේ දිය නෑමට අ‍ා පිරිස අඩි 20ක් පමණ ගැඹුරු වළක වැටීමෙන් මේ අනතුරට මුහුණ පෑහ.

කළුතර මධ්‍යම සමූහ

නව අදහස දක්වන්න