ගම්පහ සිසුහූ 2ක් මොට්ටුන්න අමුණට බිලි | දිනමිණ

ගම්පහ සිසුහූ 2ක් මොට්ටුන්න අමුණට බිලි

උපකාරක පංති යන බව පවසා නිවෙස්වලින් පිටවී ගොස් දී-ඇල් ඔයේ මොට්ටුන්න අමුණ අසල දිය නෑමට ගිය සිසුන් පිරිසකගෙන් දෙදෙනෙකු, දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි වේයන්ගොඩ පොලීසිය පවසයි. 21 පස්වරුවේ මෙසේ මියගොස් ඇත්තේ නිට්ටඹුව පින්නගොල්ල නාමල් මාවත පදිංචිව සිටි වීරප්පුලිගේ මධුක මුශ්ශංක ප්‍රනාන්දු (16 )සහ වේයන්ගොඩ පත්තලගෙදර පදිංචිව සිටි පොල්ගම්පලගේ දුමිදු තේජාන් ඉන්ද්‍රරත්න (17) නැමති සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසල් දෙකක එකොළොස්වන ශ්‍රේණියේ ඉගනුම ලැබූවන් බවද මියගිය අයවලුන් ඇතුළු සිසු පිරිසක් උපකාරක පන්ති නොගොස් 21 සවස දිය නෑම සඳහා දී-ඇල් ඔයේ මොට්ටුන්න අමුණට ගොස් ඇති අතර දියනාමින් සිටි එක් සිසුවකු දියේ ගිලී ඇතැයිද ඒ බව දුටු පිහිනීමට හැකියාවක් ඇති අනෙක් සිසුවා මිතුරා බේරා ගැනීම සඳහා උත්සාහ කර ඇති බව මූූලික පොලිස් පරීීක්ෂණවලදී හෙළිවී ඇත.

කොටදෙනියාව සමූහ එම්. පී කුමාර

නව අදහස දක්වන්න