LAUGFS වෙබ් අඩවියට රන් සම්මාන | දිනමිණ

LAUGFS වෙබ් අඩවියට රන් සම්මාන

නව ලොව සමඟ වේගයෙන් ඉදිරියට යන නවෝත්පාදනයේ ප්‍රමුඛත්වය ගත් ශ්‍රී ලාංකීය සමූහ ව්‍යාපාරයක් වන ලාෆ්ස්, මෙවරත් BestWeb.lk 2018 තරගාවලියේ දී අංශ රැසක ජයග්‍රහණ ලබාගනිමින්, සිවුවන වරටත් එම සම්මාන උළෙලේ දී පිදුම් ලැබීය. ඒ අනුව, LAUGFS Holdings නිල වෙබ් අඩවියට ‘ආයතනික අංශයේ’ රන් සම්මානයද, ‘හොඳම වෙබ් අඩවි නිර්මාණකරණය අංශයේ’ කුසලතා සම්මානයද, ‘සමස්ත’ සහ ‘දෙමළ බසින් පළ වූ හොඳම වෙබ් අඩවිය’ සඳහා වූ විශේෂ අංශ ද්විත්වය සඳහා ලෝකඩ සම්මාන ද හිමිවිය.

මේ ජයග්‍රහණය පිළිබඳ ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන තොරතුරු තාක්ෂණික නිලධාරී, ඉන්දික ගුණවර්ධන මහතා මෙසේ පැවැසුවේය, ‘BestWeb.lk 2018 සම්මාන ප්‍රදානොත්සවයේ දී මේ ජයග්‍රහණ ලබාගැනීම අපේ කණ්ඩායමට ඉතා විශාල ගෞරවයක්. එපමණක් නොව, ලාෆ්ස් සමූහය තුළ පවතින නවෝත්පාදන හා නිර්මාණශීලීත්වයට දිරි දීමේ සංස්කෘතිය ද අප ලැබූ ජයග්‍රහණයට හේතුවක් විය.

අපගේ වෙබ් අඩවිය පරිශීලකයන්ට ඉතා පහසුවෙන් දත්ත ලබාගත හැකි ආකාරයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණික පිවිසුමක් ලෙස ඉතා ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට අපි අඛණ්ඩව උත්සාහ කරනවා.’

පර්යේෂණ හා සංවර්ධන, නවෝත්පාදන හා තාක්ෂණික අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමුකිරීම තුළින් ඉතා ඵලදායී ඩිජිටල් සන්නිවේදන සේවාවක් ලාෆ්ස් සමූහ ව්‍යාපාරයට ලබාදීමට ලාෆ්ස් තොරතුරු තාක්ෂණ අංශය සෑමවිටම කටයුතු කරයි. ලාෆ්ස් තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් නිර්මාණකරණ කණ්ඩායම ඉහළ ප්‍රමිතියේ තාක්ෂණික පද්ධති හා ක්‍රියාවලීන් තුළින් මනා නිරවද්‍යතාවෙන් පිරිපුන් නිල වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

දේශීය තාක්ෂණික ප්‍රමිතීන් ඉහළ නැංවීමට හා විවිධ ක්ෂේත්‍ර රැසක නිරත අනු සමාගම්වලට සේවාව ලබාදීමට ලාෆ්ස් තොරතුරු තාක්ෂණික අංශය දරන පරිශ්‍රමය තුළ, ඔවුන් වසර ගණනාවක් මුළුල්ලේ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

නව අදහස දක්වන්න