ප්‍රීමා ස්ටෙලා සෙට් යෝගට් SLS සහතිකය | දිනමිණ

ප්‍රීමා ස්ටෙලා සෙට් යෝගට් SLS සහතිකය

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමන SLS සහතිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම යෝගට් වෙළෙඳ නාමයක් වන ප්‍රීමා ස්ටෙලා සෙට් යෝගට් වෙළෙඳ නාමය පසුගිය දා සමත් විය.

ශ්‍රී ලාංකේය වෙළෙඳ පොළට හඳුන්වා දුන් ප්‍රීමා ස්ටෙලා සෙට් යෝගට්, වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන කිරි ආශ්‍රිත නිෂ්පාදන අතර විශිෂ්ට වෙළෙඳ නාමයක් බවට පත් වී ඇත. සුවිශේෂී රසය සහ සහතික කළ විශිෂ්ට ගුණාත්මක බව ප්‍රීමා ස්ටෙලා සෙට් යෝගට් සන්නාමය වඩාත් ජනප්‍රියත්වයට පත්වීමට හේතු වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තම අධීක්ෂණයට ලක්වන නිෂ්පාදිතයේ ප්‍රමිතිය පිළිබඳ පිළිගත් තෙවන පාර්ශ්ව සහතිකයක් ලබා දෙයි. SLS මුද්‍රාව, අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයට අනුකූලව නිෂ්පාදිතය නිපදවා ඇති බවට මෙන්ම මිලදී ගත හැකි බවටත් සහතිකයක් ලබා දෙයි.

ප්‍රීමා ස්ටෙලා සෙට් යෝගට් නිෂ්පාදිතය, SLS ප්‍රමිති සහතිකය ලබා ගැනීම පිළිබඳ සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් සමාගමේ (ප්‍රීමා සමූහය, ශ්‍රී ලංකාව) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.

‘SLS සහතිකය ලබා ගැනීම ප්‍රීමා හි අප සියලු දෙනාම ලද කැපී පෙනෙන ජයග්‍රහණයක්. ප්‍රීමා ස්ටෙලා සෙට් යෝගට් යනු විශිෂ්ට තත්ත්වයේ නිෂ්පාදනයක් වන අතර, සියලුම ප්‍රීමා නිෂ්පාදනවල ප්‍රමිතිය නිරන්තරයෙන්ම පවත්වාගෙන යාම අපගේ අරමුණයි. ප්‍රීමා ස්ටෙලා සෙට් යෝගට් වෙළෙඳ නාමය පාරිභෝගිකයන් අතර නිරතුරුව ජනප්‍රිය වීමට එය හේතු වී තිබෙනවා.’

නව අදහස දක්වන්න