වලපනේ SLFP ආසන සංවිධායක වසර 12‍ක් සිරගෙට | දිනමිණ

වලපනේ SLFP ආසන සංවිධායක වසර 12‍ක් සිරගෙට

2004 වසරේ රජයේ වාහනයක් අවභාවිත කිරීම සහ නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවලට වලපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරහේවා සහ තවත් පුද්ගලයෙකුට අද බරපතල වැඩ සහිත වසර 12 ක සිරදඬුවම් නියම කෙරුණි.

උඩුපුස්සැල්ලාව පොලීසිය විසින් නුවරඑළිය මහාධිකරණයේ අදාළ නඩුව ගොනුකර තිබුණි.

ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී නුවරඑළිය මහාධිකරණ විනිසුරු එස්.යූ.බී.කරලියද්ද අදාළ නියෝගය නිකුත් කරනු ලැබීය.

එහිදී අවභාවිතා කළ වාහනයේ වටිනාකම මෙන් තුන් ගුණයක් එනම්, රුපියල් ලක්ෂ 105 ක මුදලක් රජයට දඩ මුදලක් ලෙස ගෙවීමට ද මහාධිකරණ විනිසුරුවරයා ඔහුට නියෝග කර තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...