යාපනයෙන් හමු වූ අස්ථි ගැන සෙවීම අැරඹේ | දිනමිණ

යාපනයෙන් හමු වූ අස්ථි ගැන සෙවීම අැරඹේ

මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වූ ස්ථානය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

යාපනය පොලීසිය පැවසුවේ, යාපනය,කල්වියන්කාඩු ප්‍රදේශයේ ජල නළ පද්ධතියක් සකස් කිරීමේදී පොළව යට තිබි එම කොටස් හමු වූ බවයි.

යාපනය මහේස්ත්‍රාත් සින්නදුරෙයි සදීශ්කරන් විසින් අදාළ ස්ථානය නිරීක්ෂණය කළ අතර, මහේස්ත්‍රාත් නියෝග යටතේ යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.මයුරන්ගේ මූලිකත්වයෙන් යාපනය පොලීසිය ස්ථානීය පරීක්ෂා ආරම්භ කර ඇත.

යාපනය ප්‍රදේශයට ජලය රැගෙන යාමට ජල නළ ව්‍යාපෘතියක් සකස් කිරීමට පොළොව කැනීමේදී කල්වියන්කාඩු ප්‍රදේශයේ තිබී පසුගිය 20 වැනිදා පළමුවරට එම අස්ථි කොටස් හමු විය.

මීට පෙර අවස්ථාවකදී ද යාපනය චෙම්මනෙයි ප්‍රදේශයේ සමූහ මිනිවළක් පැවති අතර අදාළ ස්ථානයෙන් මිනිස් සිරුරු 15 ක කොටස් සොයා ගැනීම 1999 වර්ෂයේදී සිදු කරනු ලැබීය.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති දැරියක් 1996  අගොස්තු මාසයේදී අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් ‍ගොනු කළ නඩු විභාගයකදී ඉදිරිපත් වු සාක්ෂි මත මීට පෙර චෙම්මනෙයි ප්‍රදේ‍ශයේ සමූහ මිනිවළ සොයාගත්හ.


නව අදහස දක්වන්න

Or log in with...