කොටකෙතන ඝාතනයේ දෙවන විත්තිකාරියට ඇප | දිනමිණ

කොටකෙතන ඝාතනයේ දෙවන විත්තිකාරියට ඇප

කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර 06කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දෙවන විත්තිකාරිය වන අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

ඒ විත්තිකාරියට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන‍් කොළඹ මහාධිකරණ අද එම නියෝගය නිකුත් කලේය.

ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගනිමිනුයි මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කළේ.

කෙසේ වෙතත් මෙම නඩුවේ පළමු විත්තිකරු වන ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තාට එරෙහිව මෙම නඩුව නොවැම්බර් මස 01 වනදා විභාග කරන බව ද විනිසුරුවරයා දැනුම් දී ඇත.

කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී නයනා නිල්මිණි 52 හැවිරිදි මව සහ කාවින්ද්‍යා චතුරංගි 17 හැවිරිදි දියණිය 2012 වසරේ ජනවාරි මස 31 වනදා ඝාතනය කෙරිණ.

 


නව අදහස දක්වන්න

Or log in with...