ටින් මාළු කර්මා­න්තය අන­තුරේ? | දිනමිණ

ටින් මාළු කර්මා­න්තය අන­තුරේ?

ආනයනික සැමන් මිල සඳහා අයකරනු ලැබූ බඳු මිල පහත හෙලීම නිසා මෙරට ටින් මාළු නිෂ්පාදකයින්‍ලගේ කර්මාන්තය අනතුරට ලක්වී ඇතිබව ටින්මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් කමල් අද්දර ආරච්චි මහතා පවසයි.

මෙරට ටින් මාළු අවශ්‍යතා‍වයෙන් සියයට තිහකට වැඩි ප්‍රතිශතයක් නිශ්පාදනය කරනු ලබන්නේ දේශීය කර්මාන්ත කරුවන් විසිණි. ජනතාවගේ ‍ ප්‍රෝටීන් ඌනතාවන් මඟ හැරවීමේ අපේක්ෂාවෙන්රජය විසින් ටින්මාළු අත්‍යාවශ්‍ය භාන්ඩයක් ලෙසට නම් කෙරුණු අතර පරිභෝජන අවස්ථා වැඩි කිරීම සඳහා ආනයනික සැමන් සඳහා එතෙක් පැනවූ බඳු ප්‍රමාණය හරි අඩකින් අඩු කිරීමට කටයුතු කෙරිණි. මෙහිඳී මෙරට නිෂ්පාදනය කරනු ලබන ටින්මාළු වෙළෙඳපොළෙහි ආනයනික ටින් මාළු අලෙවි වන මිලට අලෙවි කිරීමට නොහැකිවීම හේතුවෙන් එම කර්මාන්තය කඩාවැටෙන තත්වයක් උද්ගත විය.

මේ සඳහා රජයේ පිළියම වූයේ මෙරට කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදන ස.‍තො.ස අලෙවි සැල් හරහා අලෙවි කරීමයි. නමුත් එම කටයුතු විධිමත්ව සිදු නොවීම හේතුවෙන් නැවත වතාවත් ටින් මාළු කර්මාන්තය කඩා වැටීමකට ලක්වී ඇතැයි මාධ්‍ය හමුවක්ට සහභාගී වෙමින් කමල් අද්දර ආරච්චි මහතා සඳහන් කළේය.

අප රටට තරම් විශාල මුහුදක් නොමැති ර‍ටවල් පවා මේ ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ලබා තිබෙනවා.උදා හරණයක් විදිහට තායිලන්තය ලොව ටින් මාළු අපනයනයේ ප්‍රමුඛයින් බවට පත්වී තිබෙනවා.අ‍පේ ධීවර කර්මාන්තය තාක්ෂණයෙන් ශක්තිමත් කළයුතුයි.අස්වැන්න වැඩි කරගැනීම සඳහා උපක්‍රම යෙදිය යුතු වෙනවා.එසේ නොකර කර්මාන්තය දියුණු කළ නොහැකියි. කනගාටුවෙන් උවත් පැවසිය යුතුයි ටින් මාළු කර්මාන්ත ආරම්භ කිරීමට චීන ආයෝජකයින්ට ආරාධනා කරන බවට පසුගිය සතියේ පුවත් පත්වල සඳහන් වුණා. අද අපිට තිබෙන ගැටලුව අපගේ නිෂ්පාද අලෙවි කරගැනීම සඳහා ‍වෙළෙඳ පොළ අවහිර වීමයි. අපගේ නිෂ්පාදන ඉතාමත් උසස් මට්ටමේ පවතින ඒවා . SLS සහතික , ISO සහතික ලබාගෙන තිබෙනවා. දැනටමත් අපි අපගේ නිෂ්පාදන අපනයනය කරනවා. කර්මාන්ත කරුවන් විදිහට අපි තරඟයට මුහුණ දීමට කැතියි. නමුත් දේශීය කර්මාන්ත දියුණු කිරීමට ඒවායේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට සරිලන පසුබිමක් සැකසීම වගකීමෙන් ආන්ඩුවට බැහැරවිය නොහැකියි. ඇත්තෙන්ම රටට අවශ්‍ය ටින්මාළු ප්‍රමාණය ලබාදීමට අපගේ කර්මාන්ත ශාලාවලට හැකියාව පවතිනවා.එසේ තිබියදී විදේශිකයන්ත කර්මාන්ත ශාලා ඇරැඹීමට ආරාධනා කිරීමේ පදනම කුමක්දැයි ගැටලු සහගතයි.

නව අදහස දක්වන්න