නැ‍ගෙන­හිර සංචා­රය නැංවී­මට-සෆාරි පැනමා | දිනමිණ

නැ‍ගෙන­හිර සංචා­රය නැංවී­මට-සෆාරි පැනමා

 

 


නැගෙනහිර පළාතේ සංචාරය කරන බොහෝ සංචාරකයෝ සිය සංචාර ආරුගම්බේ වෙරළේ සර්ෆින් ක්‍රීඩාවට හෝ දර්ශනීය ත්‍රිකුණාමල වෙරළට හෝ පමණ සීමා කරනු ලබයි.

එසේ වුව ද ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන් යුතුව පසුගියදා ආරම්භ කෙරුනු සංචාරක ක්‍රියාකාරකම් සම්පාදකයෙකුවන සෆාරි පැනමා ආයතනය, නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ශනයට නැවුම් අපේක්ෂාවක් හා මුහුණුවරක් එක් කර ඇත. කුඩා නගරයක්වන පානම නගරය ආරුගම්බේ සිට කිලෝමීටර් 14ක් සහ කොළම සිට පැය 08ක පමණ දුරකින් පිහිටා ඇත. නැගෙනහිර පළාතේ මෙහෙයුම් කටයුතු සිදු කරන සංචාරක මෙහෙයුම්කරුවන් අතලොස්ස අතර එක් ආයතනයක්වන ‘සෆාරි පානම‘ ආයතනය කුමන ජාතික වනෝද්‍යානයේ වනජීවී සෆාරි, වනෝද්‍යානය ආශ්‍රිත ජංගම කඳවුරු සහ වෙරළාශ්‍රිත ජංගම කඳවුරු සදහා ද සංචාරකයන් අතර ජනප්‍රිය හිමිකම් කියයි.ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය විවිධාංගිකරණය කිරීම සදහා ඕස්ට්‍රේලියානු රජය විසින් දියත් කරනු ලබන Market Development Facility (MDF) වැඩසටහන විසින් මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය සෆාරි ප්‍රවර්ධනය තුළින් පරිවර්තනීය වෙනසකට ලක්කල හැකි බව හඳුනාගෙන ඇත.

මෙම අවස්ථාවට එක් වෙමින් ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා කියා සිටියේ ප්‍රජාව සදහා සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ හිමිකර දීම සම්බන්ධව මෙම ව්‍යාපෘතිය බෙහෙවින් වටිනා බවය. ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන සංචාරක වෙළෙඳපලට පිවිසීමට පානම ප්‍රදේශයට ලැබුණු මහගු අවස්ථාවක් බවද ඔහු කියා සිටියේය. MDF වැඩසටහන මෙරට සංචාරක කර්මාන්තයේ සේවා විවිධාංගීකරණය කිරීම ඉලක්ක කර ගනිමින් කටයුතු කරයි. ප්‍රජාව සමඟ බද්ධ වී ඇති සංචාරක කර්මාන්තයට සම්බන්ධ වීමට හෝ එමගින් ලැබෙන ප්‍රතිලාභ හිමිකර ගැනීමට නොහැකි ජනතාවගේ ජීවිතවල දැවැන්ත වෙනසක් ඇති කළ හැකි වැඩසටහනක් ලෙස මෙය සැලකිය හැකිය.


නව අදහස දක්වන්න

Or log in with...