‘ස්කෑන් ජම්බෝ බොනැන්සා’ දැන් ක්‍රියා­ත්ම­කයි | දිනමිණ

‘ස්කෑන් ජම්බෝ බොනැන්සා’ දැන් ක්‍රියා­ත්ම­කයි

මෙරට ජම්බෝ පීනට් වෙළෙඳ පොළේ එදා මෙදා තුර නොවෙනස්ව අංක එකේ රැඳී සිටින ‘ස්කෑන් ජම්බෝ පීනට්’ විසින් ඉකුත් ජුනි මස ඇරැඹු ‘ස්කෑන් ජම්බෝ බොනැන්සා’ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන අගෝස්තු මාසය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. අඛණ්ඩව 5 වැනි වසරටත් පවත්වනු ලබන මේ ‘ස්කෑන් ජම්බෝ බොනැන්සා’ ප්‍රවර්ධන වැඩසටහන අවසානයේ වාසනාවන්ත ජයග්‍රාහකයන් 100 දෙනකු වෙත නවතම මාදිලියේ Folding බයිසිකල් ලබාදීමට කටයුතු යොදා තිබේ. මෙහිදී ජයග්‍රාහී ත්‍යාගය වශයෙන් පිරිනැමෙන Folding Bicycles වල විශේෂත්වය වන්නේ එහි නැමිය හැකි බව සමගින් ඇසිරීම සහ ප්‍රවාහනයෙහි මනා පහසුවක් සැපයෙන ලෙසින් නිපදවා ඇති නව තාලයේ බයිසිකලයක් වීමයි. එහි නැමිය හැකි බව ප්‍රයෝජනයට ගනිමින් නිවස තුළට සහ පොදු ප්‍රවාහනයේ රැගෙන යා හැකි මෙන්ම තමන් වෙසෙන කුඩා ඉඩක වුව ගබඩා කිරීමේ හැකියාව ඇති අපූරු මාදිලියක් වේ. මේ ‘ස්කෑන් ජම්බෝ බොනැන්සා’ තරගය දින 64ක් පුරා ක්‍රියාත්මක වන අතරවාරයේ එහි ප්‍රචාරණ වැඩසටහන් දිවයින පුරා නගර 120 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක වේ.

 

නව අදහස දක්වන්න