කන්දක් නැග්ගොත් පල්ලමකුත් තියෙනවා | දිනමිණ

කන්දක් නැග්ගොත් පල්ලමකුත් තියෙනවා

Hotel Royal Grand Paradise  අධිපති පිය­තිස්ස රාජ­පක්ෂ

එදින ඔහු කොළඹ කොටුවට පැමිණියේ අවුරුදු උදාවට පෙර මිලදී ගැනීමට අත්‍යාවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහායි. කොටුවේ බෝගහ අසල ගමන් මළු එල්ලාගත් සෙනඟ බසයක් එනතුරු අපේක්ෂාවෙන් සිටී. වෑන් රිය බෝගහ අසල නතරවිය. පියතිස්ස රාජපක්ෂගේ ගෝලයා “නුවර නුවර සියය සියය කියමින් කෑගසන්නට විය.” වෑන් රථය පිරී ගියේ ඇසිල්ලකිනි. කැලණියේ සිට කොළඹ පැමිණි වාහනය දැන් නුවර බලා ගමනේය. අහම්බෙන් වුව නුවර පැමිණි හොඳ දවසේ ගමන් සඟයාත් සමඟින් මාලිගාව විඳින්නටද අමතක නොකළේය. තේවා හඬ රැව්පිළිරැව් දෙයි. වෙහෙස අමතක විය. සිත නිවී පහන් විය. දුරකථන නාදවිය. “ගනු දෙනු නැකත් ළංවෙලා, කොළඹ ගිය අය මොකද තාමත් නැත්තේ” අපි බිරිඳගේ හඬය. දැන් දළදා මාලිගාවේ.

හේ පිළිතුර විය. කොටුවේ සෙනග පිරිලා ඉතිරිලා. අපි වෑන් එක පුරවගෙන නුවර ආවා. කලබල වෙන්න එපා. නැකත පහුවුණාවේ ගෙදර ඇවිත් කිරිබත් කමු. පිළිතුර විය. මුල් කාලයේ ෆිනෑන්ස් ගෙවීමට වූයෙන් හමුවන සෑම අවස්ථාවකම මුදල් ඉපයීම වෙනුවෙන් වෙහෙස වී තිබුණේ එලෙසයි. ඒ වනවිටත් ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියකු ලෙස සේවය කරමින් රාජ්‍ය සේවයේ නිරත වූ අයෙකි. මාසික වැටුපට සීමාවීමෙන් ජීවිතය සීමාවන අන්දම ඔහු මැනවින් හඳුනාගෙන සිටියේය. එතෙකුදු නොව උසස් පෙළ හදාරන සමයේ සිට සිත තුළ නලියන අදහසක් විය. ඒ මුදලත් උපයාගත යුතුය යන්නයි.

මම උසස් පෙළ හදාරන කාලේ පාසල් යන්නට කලින් මාර්කට් එකටය යන්නේ දවස පටන්ගන්නේ වෙළෙඳාමෙන් ඒ කාලේ එවැනි දේ කරමින් අතේ වියදමට ගාණක් හොයාගත්තා. ඒ හොයා මුළුමනින්ම ‍වියදම් කළේ නෑ. පුංචි ප්‍රමාණයෙන් ඉතිරි කළා. ඉතිරි කළ මුදලින් පුංචියට හීන හැබෑ කරගන්න උත්සාහ කළා. මුලින්ම බයික් එකක් ගත්තේ. ඒ ඉතිරි කළ මුදලින්. ඒ අන්දමින් මෝටර් බයිසිකලයෙන් අරඹා වෑන් එකක් තරමට දියුණු කරගත්තා. රජයේ රැකියාව කරන අතරේ වුණත් වාහනයේ ලීසිං ගෙවාගන්න දිවා රෑ වෙහෙසුණා. වාහන එක දෙක වුණා. දෙක තුන හතර කරගත්තා. ඒ ආකාරයෙන් තමයි “Wasity Super Line Transport” සේවාව ආරම්භ කෙරුණේ.”

“වාසිටි” යනුවෙන් අතීතයේ හැඳින්වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳවයි. පියතිස්ස මහතා ‘වාසිටි’ යන විසල් අරුතකින් යුතු නම යොදාගෙන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඇරඹූ අධ්‍යාපන මේ වනවිට මෙරට ප්‍රමුඛතම පෞද්ගලික අධ්‍යාපන ආයතනය බවට පත්වී ඇත්තේ දිවයිනේ ජනප්‍රිය ඇදුරු මඬුල්ලකගේ මෙහෙයවීම එහි පවතිනා නිසායි.

“අධ්‍යාපනය කියන්නේ ගෞරවනීය සේවයක්. ඒ සඳහා රටේ ලොකු අවශ්‍යතාවක් තිබෙනවා. වේගයෙන් සංවර්ධනය වන කිරිබත්ගොඩ ප්‍රදේශයට ඉහළ පහසුකම් සහිත අධ්‍යාපන ආයතනයක් අවශ්‍ය වන බව පෙනී ගියා. ඒ අනුවයි මා එය ගොඩනැඟුවේ.

“වාසිටි” අධ්‍යාපන ආයතනය ඇරැඹීමට ප්‍රථම පියදාස රාජපක්ෂ මහතා විසින් විවිධ ව්‍යාපාරවල නිරතවිය. ඒවා ගණනින් 50 ක් පමණ වන බවයි ඔහු පවසන්නේ. පිත්තල වෑද්දුම් වැඩපොළක්, ගාමන්ට් එකක්, හාඩ්වෙයාර් කීපයක් ඒ අතරවිය.

යෙදවිය හැකි ප්‍රාග්ධනය වැඩි වෙන්නට ව්‍යාපාර වෙනස් වුණා. වඩා පහසුවෙන් ආදායම් ඉපයිය හැකි ව්‍යාපාර පිළිබඳව සිත යොමුකළා.

ඒ අනුව ළමුන් 8000 පමණ එකවර අධ්‍යාපනය ලැබිය හැකි Wasity Institue of Higher Edeucation Center ස්ථාපිත කෙරුණේ. වර්තමානයේ එහි අධ්‍යාපනය ලබන පිරිස එක වසරේ සිට උපාධිය දක්වා පරාසයක් වෙනවා. එපමණක් නොවේ සිංහල සහ ඉංග්‍රීසි යන ද්වි මාධ්‍යයෙන්ම ඉගැන්වීම් කෙරෙනවා.

වාසිටි ආයතනය මෙන්ම කිරිබත්ගොඩ ප්‍රදේශයේ අනෙක් ප්‍රධාන අධ්‍යාපන ආයතනය වන Micro Institute of hair Education Center ආයතනයත් අපි අපගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හාරදහසක් පමණ එහි අධ්‍යාපනය ලබනවා.

මේ අධ්‍යාපන ආයතනවලට එන දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපි විශේෂයෙන්ම කටයුතු කරනවා. පංතියට පැමිණීමෙන් අනතුරුව අතරමඟදී පංතියේ බැහැරවීමට කිසිවකුටත් අවස්ථාව ලැබෙන්නේ නෑ. එපමණක් නොවේ කිසිදු බාහිර හෝ පිටස්තර පුද්ගලයින්ට අධ්‍යාපන ආයතන තුළට ඇතුල්වීමට අවස්ථාවක් ඇත්තේ නෑ. ගුරුවරයකු හමුවීමට පැමිණෙන වෙනත් ගුරුභවතෙකුට වුව යාමට අවස්ථාව ඇත්තේ ගුරු විවේකාගාරයට පමණයි.”

අධ්‍යාපනයේ සෑම අංශයක්ම ආවරණය කිරීමේ අදහසිනුයි අපි වාසිටි මුල්ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සහ දිවාසුරැකුම් මධ්‍යස්ථානය ආරම්භ කළේය. එය මෙහෙයවනු ලබන්නේ මගේ දියණිය. ඇය එය වඩාත් නිර්මාණශීලීව ඉතාමත් උසස් මට්ටමින් සිදුකරනවා.

පියතිස්ස රාජපක්ෂ මහතාගේ ව්‍යාපාර ජාලය අතර වඩාත් කැපීපෙනෙන ව්‍යාපාරික ස්ථානයක් වන්නේ කැලණියේ පිහිටි Hotel Royal Grand Paradise සංකීර්ණයයි.

ප්‍රදේශයේ අධ්‍යාපන ආයතන හිමියකු ලෙසත් ගමක් මධ්‍යයේ හෝටලයක් පවත්වාගෙන යාම යන කාරණා දෙකම සලකා අපි මේ හෝටලය පවත්වාගෙන යන්නේ යම් ක්‍රමවේදයකටයි” පියතිස්ස මහතා පවසන්නේ මහල් පහකින් යුතු ඔහුගේ හෝටලයේ විවාහ මංගල උත්සව සඳහා වැඩි වශයෙන් වෙන් කරනුයේ ඔහුගේ අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලද සිසු සිසුවියන් බවයි.

“අද තාත්තෙකුටයි දුවෙකුටයි එක්ව හෝටලයකට යන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. ගොඩක් අය බලන්නේ වැරදි ඇහෙන්. මගේ හෝටලයේ ඒ නිසාම අවිධිමත් අයුරින් කාමර ලබාදීම් ආදිය සිදුවන්නේ නෑ. අපගේ මයික්‍රෝ මුල්ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් පිහිනුම් පුහුණුවීම සඳහා පැමිණෙන්නේ හෝටලයේ පිහිටි පිහිනුම් තටාකයටය. ඒ දරුවන් දෙමාපියන් නිතරම ‍හෝටලයට එනවා. ඒ කොයි කාටත් වැදගත්කමකින් යුතුව පැමිණිය හැකි තැන් හැටියටයි. අපි මේ ‍හෝටලය පවත්වාගෙගන යන්නේ ඒ නිසා. ප්‍රදේශයට දැන් මේ හෝටලය විශාල ආලෝකයක් බවට පත්වෙලා.

ව්‍යාපාරිකයෝ විදිහට පියතිස්ස රාජපක්ෂ මහතාගේ අනාගත අපේක්ෂාව වන්නේ තම පුත් සහ දියණිය ව්‍යාපාර කටයුතු හොඳින් දියුණු කරමින් සාර්ථකත්වයට පත්වනු දැකීමයි. ඇත්තෙන්ම මමත් මගේ බිරිඳ වන කමනී සුජීවා සේනාරත්න මහ වාසනාවන්තය. මගේ දියණිය තදිසා චතුමි මුල්ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ කටයුතු ඉතා මැනවින් ඉටුකරන අතර අපගේ පුතු වන සමින්ද ඉෂාන් රාජපක්ෂට පවරන ලද අධ්‍යාපන ආයතනවල සහ වාසිටි ප්‍රවාහන ආයතනයේ කටයුතු නවීන තාක්ෂණය හා සම්බන්ධ වී ඉතා ඉහළ මට්ටමකින් පරිපාලන කටයුතු සිදුකරනවා. අප මහත් පරිශ්‍රමයෙන් ගොඩනඟන ලද දේවල් දරුවන් තව තවත් දියුණු කරමින් කටයුතු කිරීම දෙමාපියන් වන අපගේ වාසනාවක්.

 බුද්ධිකා බ්‍රාහ්ම‍ණගේ

 

නව අදහස දක්වන්න