Tavistock Group ශ්‍රී ලංකාවේ තාරු­ණ්‍යය සමඟ එක්වෙ­මින් ජාත්‍ය­න්තර තාක්ෂණ සමූ­හ­යක් නිර්මා­ණය කරයි | දිනමිණ

Tavistock Group ශ්‍රී ලංකාවේ තාරු­ණ්‍යය සමඟ එක්වෙ­මින් ජාත්‍ය­න්තර තාක්ෂණ සමූ­හ­යක් නිර්මා­ණය කරයි

දැවැන්ත ජාත්‍යන්තර පෞද්ගලික ආයෝජන සංවිධානයක් වන Tavistock Group (Tavistock) හි දායකත්වය සමගින් ආරම්භ කරන ලද Elovate Group පසුගිය දා කොළඹ දී නිල වශයෙන් දියත් කරන ලදි.

Atlas Labs, Pyxle International, Trabeya සහ Surge Global යන සමාගම්වල එකතුවක් වන Elovate සමූහ ව්‍යාපාරය ජාත්‍යන්තර මට්ටමින් දෘඪාංග, මෘදුකාංග, දත්ත, විශ්ලේෂණ සහ අලෙවිකරණ ඇතුළු සේවාවන් රාශියක් සලසයි. ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ, කුසලතා පූර්ණ තරුණ තරුණියන්ට ජාත්‍යන්තර තලයේ අවස්ථා රාශියක් සලසන පියවරක් වනු ඇත.

ශ්‍රී ලංකාව යනු වේගයෙන් දියුණුවන තාක්ෂණික වෙළෙඳ පොළක් සහිත සහ කුසලතාවලින් පිරිපුන් තරුණ තරුණියන් සිටින රටක් ලෙස Elovate Group විසින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව එම සමූහය විසින් මෙරට තාරුණ්‍යයට තාක්ෂණ, දත්ත සහ මාධ්‍ය අවකාශයන් ලබාදෙනු ඇත.


නව අදහස දක්වන්න

Or log in with...