හිම කඳු යායේ සීතල අතරේ සිම්ලා කුල්ළු මනාළි | දිනමිණ

හිම කඳු යායේ සීතල අතරේ සිම්ලා කුල්ළු මනාළි

ගැඹුරු හෙල් ප්‍රපාත පසුකරමින් ගැඹුරු හෙල් සමීපයෙන් බසය ඇදුනේ කඳුකර මාවතක් ඔස්සේයි. දුරින් දුරට ඈතින් ඈතට දිස්වූයේ නිල්වන් කඳු පියස්සයි. සැබැවින්ම අපි ගමන් කරමින් සිටියේ ‘හිමකඳු’ අතරේ සිසිල විඳින්නට ලාංකික අපිට යාමට හැකි සමීපතම මාවත ඔස්සේය. ඒ හිමාල කඳුවැටියේ ‘සිමිලා’ කඳු පෙදෙස සහ ‘මනාලි කඳු පෙදෙස නැරඹීමට යන සංචාරයයි.

 

වසරේ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි සමය සිමිලා සහ මහවැලි කඳු සිය සුදෝසුදු සළු පිළිවලින් සැරසෙන සමයයි. හිමාචල් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන සිමිලා බ්‍රිතාන්‍ය සමයේ නම්කර තිබී ඇත්තේ ගිම්හානයේ අගනගරය ලෙසයි. යුරෝපයේ දේශගුණයට සමීප දේශගුණික තත්ත්වයන් ඇති මෙම ප්‍රදේශයට ආසන්න වූ යටත් විජිත පාලකයින් ඉන්දියාව තුළ ඔවුනගේ නිවහන බවට පත්කර ගෙන තිබුණේ මෙම ප්‍රදේශයි. එම නිසාම මෙහි පාසල් දුම්රිය ගමනා ගමන පහසුකම්, රෝහල් මෙන්ම සොඳුරු සුවිසල් මන්දිරද ඉදිවී ඇත. අපූරු ගෘහ නිර්මාණ ලක්ෂණයන්ගෙන් යුතු මෙම ගොඩනැඟිලි සේම කදුකර මාවතේ සැඩ ආරුක්කු සහිත පාලම් සහිත දුම්රිය මඟද සිම්ලාහී සුන්දරත්වය, මෙන්ම, ඓතිහාසික වටිනාකම ඔප් නංවයි.” මෙලෙස ඉන්දියාවේ අගනගරය දිල්ලියට ඉහළින් පිහිටි හිමාචල් ප්‍රාන්තයේ සංචාරය සඳහා කණ්ඩායම් සංවිධානය කරන ප්‍රමුඛතම ආයතනයක් වන්නේ Makrich Tours and Travels ආයතනයය එහි අධිපති වන්නේ ගාමිණී ජෙන්ට්‍රි ප්‍රනාන්දු මහතායි.

මගේ මුල්ම ප්‍රශ්නය වූයේ සංචාරක ව්‍යාපාරය ඔබගේ පළමු වෘත්තියද යන්නයි.

“මම මුලින්ම වැඩ කළේ මෙරට ප්‍රමුඛ පෙළේ බහු ජාතික සමාගමක ගබඩා පාලකවරයෙකු විදිහට. ඉන් පස්සේ තමන් තොග අළෙවි ආයතනයක අලෙවි විධායකවරයෙකු විදිහට සේවය කළා. එම ආයතනයේ කාර්ය වූයේ චීනයෙන් භාණ්ඩ ගෙන්වා මෙරට බෙදා හැරීමයි. ඒ ක්‍රමය ගැන මගේ සිතේත් යම් අදහසක් ඇතිවුණා. ඒ අනුවයි හිතවත් කීපදෙනෙකු සමඟ 2010 වසරේදී පමණ මුලින්ම චීනයේ කැන්ටන් වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගි වුනේ.

මුල් අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම, ඒවා නැවත මෙරටට ගෙන්වා ගැනීම, ඒ සඳහා මෙරටදී ගෙවීමට සිදුවන බදු පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිකර ගත්තා. ඊළඟ අවස්ථාවේ ‘කැන්ටන්’ ගියේ තවත් පිරිසකට මග පෙන්වීම සඳහායි.

කැන්ටන් කියන්නේ ලෝකේ තිබෙන විශාලම වෙළෙඳ ප්‍රදර්ශනය. ඒ සඳහා ලෝකයේ සෑම ප්‍රදේශයකම ජනතාව සහභාගි වෙනවා. යුරෝපයෙත්, අප්‍රිකාවෙත් ආසියාවෙත් දකුණු ඇමරිකා‍ෙවත්, ආදී සෑම ප්‍රදේශයකම ජනතාව මීට සහභාගි වෙනවා. ඇතැම්විට අපි කිසිදිනෙක තමක් වත් අසා නැති රටවල මිනිසුන් මෙහි එනවා. මේ වෙළෙඳපොළේ විවිධ තත්ත්වයන් යටතේ නිෂ්පාදිත භාණ්ඩ ප්‍රදර්ශණය කෙරෙනවා. උදාහරණයක් ඒ ගැන කීවොත් රයිස් කුකර් එකක් කියමු එහි ඉහළම මිල ඩොලර් 10නම් ඩොලර් 8, ඩොලර් 6ට වැනි මුදලට විවිධ මට්ටම්වලින් නිෂ්පාදිත රයිස් කුකර් පවතිනවා. ඇතැම් විට ලංකාවෙන් යන අපගේ ගැණුම් කරුවන් ඉල්ලන්නේ මේ සියල්ලටම වඩා අඩු මිලකට, සමහර විට ඩොලර් හතරට පමණ රයිස් කුකර් එකක්, සමහර විට චීන නිෂ්පාදකයෝ එම මුදලට ගැලපෙන අ න්දමින් නිෂ්පාදනය කර දෙනවා. එවැනි භාණ්ඩවල තත්ත්වය අඩුයි. එයින් සිදු වන්නේ ‘චීන’ භාණ්ඩ පිළිබද විශ්වාසය පලුදු වීමයි.

කල්පැවැත්ම පිළිබඳව සැක සංකා මතුවීමයි. එවැනි කටයුතු සිදු නොවේ නම් ලංකාවේ වෙළෙඳපොළට ගැලපෙන ආකාරයේ මිලකට ඉහළ මට්ටමේ නිෂ්පාදන ලබාගත හැකි හොඳම ස්ථානය වන්නේ චීනයයි.”

‘කැන්ටන්’ වෙළෙඳ ප්‍රදර්ශනයට ව්‍යාපාරිකයින් සම්බන්ධ කරමින් සිටින අතරේදී චීනයේ පවතින විශාලතම තොග වෙළෙඳපොළ වන “Yiwu” මාර්කට් එක පිළිබඳව දැනගැනීමට ලැබුණා. චීනයේ සමාගම්වල ප්‍රදර්ශනාගාරයි මේ “Yiwu” මාර්කට්හි පවතින්නේ. එහි විශාලත්වය පැහැදිලිකිරීමට සැබවින්ම අපහසුයි. විවිධ සමාගම්වලට අයත් ප්‍රදර්ශනාගාර 70000 දහසකින් පිරි එහි එක් කුටියකට විනාඩි පහක කාලයක් කෙනෙක් ගත කළත් සියලු කුටි වෙත කෙනෙකුට ගොස් අවසන් කිරීමට මාස දෙකක පමණ කාලයක් වැය වෙන බවට මතයක් පවතිනවා.

මෙම වෙළෙඳපොළ පිළිබඳව ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ දැන සිටියේ නෑ. කොළඹ තොග අළෙවි සැල්වල ව්‍යාපාරිකයින් කීපදෙනෙකු පමණක් මේ පිළිබඳව දැනගෙන හිටියා. ඒ අය අතරින් වුවත් වෙනත් ව්‍යාපාරිකයින්ට මේ ස්ථානය පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ නෑ. නමුත් මේ වෙළෙඳපොළ පිළිබඳව තතු අනාවරණය වීමෙන් අනතුරුව අපත් සමඟ බොහෝ පිරිසක් එහි සංචාරයේ නිරත වුණා. එලෙස ගොස් දියුණුවට පත්ව්‍යාපාරිකයින් විශාල සංඛ්‍යාවක් සිටිනවා. “Yiwu” මාර්කට් එකේ විශේෂත්වය තොග වශයෙන් මිලදී ගැනීමේදී. භාණ්ඩ කන්ටේනරයක් මිලයට ගතයුතුව නෑ. කෑලි, 100, 75, වශයෙන් වුව ඇනවුම් භාරගන්නවා. ඒ නිසා විශාල මුදලක් නැතත් කෙනෙකුට ව්‍යාපාරයකට පිවිසීමේ හැකියාව තිබෙනවා.”

ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙලෙස චීනයෙන් තොගවශයෙන් භාණ්ඩ ඇනවුම් කිරීමට යන අයගේ සංචාර සැලසුම් කිරීමේදී විධිමත් සැලසුමකට අනුව සංචාරය සංවිධානය කරන බවයි.

මේ අනුව වීසා, ගුවන් ටිකට්පත්, තරු හතරේ හෝටලයක නවාතැන් පහසුකම්, එහි සිට අදාළ වෙළෙඳ හොඳ දක්වා ප්‍රවාහන පහසුකම් මෙන්ම කෙනෙකු ආනයනය කිරීමට බලාපොරොත්තු වන නිෂ්පාදනය නිෂ්පාදනය කරනු ලබන ආයතනයට හෝ අදාළ වෙළෙඳපොළ වෙත යොමුකිරීම, එසේම අතරමැදි කිසිවකුගේ සහාය නොමැතිව ව්‍යාපාරය ඇරැඹීමට අවශ්‍ය සහාය ලබාදීම, භාණ්ඩ මිලදී ගැනීම් කටයුතු සඳහා භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබාදීම අත්‍යාවශ්‍ය ලිපි‍ෙගානු සියල්ලම Makrich Tours and Travels කාර්යාලයේදීම පිළියෙළ කරදීම මෙන්ම, භාණ්ඩ ආනයනය කරදීමේ කටයුතු නොපිරිහෙලා ඉටුකරන බවයි.

“එහිදී භාෂා පරිවර්තනය සඳහා අප සමඟ සම්බන්ධ වෙන්නේ චීනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති ‘කැන්ටන්’ වෙළෙඳ ප්‍රදර්ශනයට අපත් සමඟ 100ක පමණ ව්‍යාපාරිකයින් කණ්ඩායමක් සහභාගි වුණා. ඒ අයගේ භාෂා පරිවර්තනය සහායට අප චීන විද්‍යාර්ථීන් දහදෙනෙකු සමඟ සම්බන්ධ වුණා.

‘සාමාන්‍යයෙන් ‘කැන්ටන්’ ප්‍රදර්ශනය සඳහා රාත්‍රී පහක් හෝ හයක් ගතවන සංචාරයක් සඳහා එක් සංචාරකයෙකුගෙන් එක්ලක්ෂ තිස්පන් දහසක් වැනි මුදලක් අයකිරීමට සිදුවෙනවා. ඒ මුදල අයකරන්නේ ඉහත දැක්වූ සියලු සේවාවන් සඳහායි.

“Yiwu” වෙළෙඳ පොළ සඳහා වන සංචාරයේ වියදම මීට වඩා තරමක් ඉහළ යනවා. ඊට හේතුව ඒ සඳහා ගමන් වියදම් ඉහළ යෑම නිසයි. ඒ සඳහා ශැංහයි සිට කිලෝමීටර් 400ක පමණ දුරක් යායුතු වෙනවා. කෙසේ වුවත් මසකට විසිපහකට ආසන්න කණ්ඩායමක් අපිත් සමඟ “Yiwu” මාර්කට් යනවා. ලංකාවේ ව්‍යාපාරිකයින්ට “Yiwu” හඳුන්වලා, දුන්නේ අපේ ආයතනය විසින් බව මම පවසන්නේ මහත් ආඩම්බරයෙන්. ඊටත් වඩා වැදගත්ම කරුණ අපත් සමඟ ගිය පිරිසෙන් බොහෝ දෙනෙක් ව්‍යාපාර අරඹා වඩාත් දියුණු තත්ත්වයට පත්වී සිටීමයි.”

ලිපිය ආරම්භයේදීම සඳහන් කළේ Makrich ආයතනය සංවිධානය කරනු ලබන විනෝද සංචාරයන්ට අයත් උතුරු ඉන්දියාවේ සිඹිලා හා මනාලි කඳු ප්‍රදේශයේ සංචාර පිළිබඳවයි. මීට අමතරව තිරුපති කෝවිල් සංචාරය යුරෝපයේ සංචාර සංවිධානය කරනවා. ඉතාලිය, ප්‍රංශය, ස්විට්ස්ටර්ලන්තය, ජර්මනිය වැනි රටවල් මෙන්ම අප්‍රේල් මෙන්ම දෙසැම්බර් මාස වල බැංකොක්, මැලේෂියා සංචාර සංවිධානය කරනවා. මීට අමතරව ඇමරිකාව ඇතුළු ඕනෑම රටකට වීසා ලබාගැනීම සඳහා උපදේශක සේවාවක්ද සපයමින් සංචාරකයින් සඳහා ඉහළ සේවාවක් ලබාදීමට කටයුතු කරන බවයි.

“චීනය සමඟ ව්‍යාපාරික සබඳතා පිළිබඳව සැලකීමේදී ‘කුන්මින්” වෙළෙඳ ප්‍රදර්ශනය ඉතාමත් වැදගත්. එහි වෙළෙඳ කුටි අපගේ ව්‍යාපාරිකයන්ට වුව වෙන්කරගත හැකියි. එය වැදගත්වෙන්නේ අපනයන දියුණු කිරීම සඳහායි. චීනය ඉතා හොඳ වෙළෙඳ පොළක්. එවැනි වෙළෙඳපොළකට වුව ප්‍රවේශවිය හැකි මට්ටමේ නිෂ්පාදන කරන ව්‍යාපාරිකයන් අපේ රටේ සිටිනවා. මගේ මීළඟ අපේක්ෂාව වෙන්නේ අපගේ ව්‍යාපාරිකයින්ට කුන්මින් වෙළෙඳපොළ හඳුන්වා දීමටයි. එවැනි කටයුත්තකදී වෙළෙඳකුටි වෙන්කරගැනීම වැනි කටයුතු සිදුවිය යුත්තේ අපගේ විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අපනයන වැඩිකිරීමේ රජයේ අපේක්ෂාව සාර්ථක ගැනීමට නම් රජයේ මැදිහත් වීමෙන් එවැනි අවස්ථා වර්ධනය කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය සාර්ථක වෙන්නේ ඒ සඳහා අවංකවම කැපවීම, හැකිනම් පමණයි. ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් ප්‍රභූවරු අපිත් සමඟ සංචාරයේ නිරතවෙනවා. සෑම සංචාරයකදීම සේවාව ඉහළ විශ්වාසයකින් ලබාදීමයි. අපගේ කාර්ය මණ්ඩලයේත් අරමුණ, ඒ නිසාම අපිත් සමඟ සංචාරය කළ බොහෝ පිරිසක් දැන් සමීපතම මිතුරන් බවට පත්වෙලා. දිනෙන් දින සබඳතා අලුත්වන, අත්දැකීම් වැඩිවන, අභියෝග වෙනස්වන ව්‍යාපාරයක් එය කෙටිකලකින්ම ස්ථාවර බවට පත්කර ගත හැකිවූයේ මගේ බිරිය චන්දිමා පෙරේරාගේත් කැපවීම නිසාබව සඳහන් නොකළොත් අඩුවක්.

සටහන බුද්ධික බ්‍රාහ්මණගේ

නව අදහස දක්වන්න