විශේෂ මෙහෙයුමකින් 3325ක් අත්අඩංගුවට | දිනමිණ

විශේෂ මෙහෙයුමකින් 3325ක් අත්අඩංගුවට

පොලිසිය සිදුකල විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සිදුකළ පුද්ගලයින් 3325 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ඊයේ රාත්‍රී 09.00 සිට අද උදෑසන 08.00 දක්වා කාලය තුළ දිවයින පුරා මෙම මෙහයෙුම ක්‍රියාත්මක විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ, නිලධාරීන් 16,422ගේ සහභාගිත්වයෙන් රථ වාහන නඩු 5808ක් ද ලබාගත් බවයි.

මෙහිදී බීමත් රියදුරන් 541 ක්, වරෙන්තුකරුවන් 948 ක්, විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 938 ක්, හෙරොයින් ඇතුලු නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් 812 ක් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම වෙනත් දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 84 ක් සහ ගිනි අවි සමග පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව ද සදහන්.

නව අදහස දක්වන්න