'එයාර් ඉන්දියා' තුළ මකුණන් - PHOTOS | දිනමිණ

'එයාර් ඉන්දියා' තුළ මකුණන් - PHOTOS

නිව් යෝක් සිට බටහිර මුම්බායි නගරය කරා පැමිණි 'එයාර් ඉන්දියා' ගුවන් යානයක මකුණන් සිටීමට හේතුව කාලගුණ වෙනස් වීම යැයි එම සමාගම ප්‍රකාශ කර තිබේ. මෙය ඉන්දියාවේ ජාතික ගුවන් සමාගමය.

ව්‍යාපාරික පංතියේ ගමන් කළ මගීන් කීපදෙනෙකු ගුවන් යානයේ අසුන්වල සිටි මකුණන් සපා කා ඇති බව දැක්වෙන ඡායාරූප කීපයක් පසුගිය සතිය තුළ අන්තර්ජාලය ඔස්සේ පුළුල් ලෙස සංසරණය විය.

මේ සම්බන්ධයෙන් එයාර් ඉන්දියා සමාගම මගීන්ගෙන් සමාව ඉල්ලා ඇති අතර, පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ. එමෙන්ම, ගුවන් යානයට "විශාල ලෙස මකුණු නාශක දුම් ගැසීමට" ප්‍රතිඥා දී තිබේ.

විශාල ණය ප්‍රමාණයක් තිබියදීත් ක්‍රියාත්මක වන එයාර් ඉන්දියා ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගමය.

නව ගුවන් සමාගම් වෙළෙඳපොළට ඇතුළු වීම නිසා ඇති වූ තරගකාරීත්වයත්, දුර්වල සේවා සහ නිතර ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඇතිවී තිබෙන නරක නාමයත් සමග එයාර් ඉන්දියා සමාගමට වෙළෙඳපොළෙහි සිය ස්ථානය අහිමි වී තිබේ.

මීට වසර කීපයකට පෙර මුම්බායි සිට ලන්ඩන් බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන් යානයක මීයෙකු සිටීම නිසා ගුවන් ගමන අතර මැද ආපසු හැරවීමට සිදු විය.
 
(බී.බී.සිය ඇසුරෙනි)
 

නව අදහස දක්වන්න