අපනයන දෙපාර්තමේන්තු පාලක යළි රිමාන්ඩ් | දිනමිණ

අපනයන දෙපාර්තමේන්තු පාලක යළි රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 02 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුවේ පාලකවරයා ලෙස කටයුතු කළ මහගමගේ ගාමිණි, ලබන 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායකගේ නියෝගයකට අනුවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන්ව නොමැති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද කරුණු දැක්විම හේතුවෙනි.

ජපානයෙන් නිත්‍යනුකූලව ආනයනය කළ කළ වසර 10 කට වඩා පැරණි වාහන දෙකක් රේගුවෙන් මුදා හැරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 02 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය දා ඔහු අත්අඩංගුවට ගැනිණ.

නව අදහස දක්වන්න