හුදෙ­ක­ලාවේ කලාව | දිනමිණ

හුදෙ­ක­ලාවේ කලාව

වර්තමාන සමාජය තාක්ෂණික දියුණුවත් සමඟ නිරන්තරයෙන් බාහිර ලෝකය හා පුද්ගලයන් සමඟ බැඳී පවතින රාමුවක් තුළ ' හුදෙකලාව ' යනු අභාවයට යන කලාවක්ම වී හමාරය. බොහෝවිට ඇතැමුන් මතුපිටින් බලා සිතනා පරිදි ' හුදෙකලාව ' සිටීම යනු දුක්ඛිත, අසරණභාවයකට පත්වීම හෝ සමාජ විරෝධී ක්‍රියකාරකම් වල නිරතවන්නන් යන අයවලුන් පත්වන ස්වභාවයකි. නමුත් හුදෙකලාව සිටීමට මනස හුරුකිරීම යනු පූර්ණ සෞඛ්‍ය සම්පන්න, කායික හා මනෝවිද්‍යාත්මකව විශාල වාසි රැසක් අත්කරගෙන දෙන ක්‍රියාවලියකි.

ආසියාවේ හා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අපගේ ආගම් හා බැඳුණු ආධ්‍යාත්මික සංවර්ධන ක්‍රියාවලියන්හිදී ' හුදෙකලාව ' යනු ඔබට අපට අමුතුවෙන් හඳුන්වාදිය යුතු දෙයක් නොවූවත්, වර්තමානයේ සමාජ ජීවිතයට හා නාගරික මිනිසාට මෙය ආරෝපණය කරගැනීමේදී ඇතිවිය හැකි ප්‍රායෝගික අපහසුතා බොහෝමයක් වියහැකියි. කෙසේ නමුත් අප දන්නා දෙයින් ඔබ්බට ඔබට දැනුමට යමක් එකතු කිරීමට හා ප්‍රායෝගිකව නිරවුල් මානසිකත්වයක් හා මොළයේ සෞඛ්‍යය ගැන ඔබ නව මානයකට රැගෙන යාමට මේ සම්බන්ධයෙන්, බටහිර මනෝවෛද්‍ය වරියක වන ෂෙරී බර්ග් කාටර් කරන ලද පර්යේෂණයක් ඇසුරින් නිකුත්කරන ලද වාර්තාවකින් මෙලෙස සවිස්තරාත්මකව විග්‍රහයක් ඉදිරිපත් කොට තිබේ. අද අප සමාජයේද කාර්යබහුලත්වය හේතුවෙන් අසහනකාරී, ආතතියෙන් පීඩාවට පත් යන්ත්‍ර මෙන් ක්‍රියාකරනා පුද්ගලයන් බහුතරයක් වාසය කරනා බැවින් මෙය ඔබට මට ජීවිතයට ගළපාගත හැකිනම් සංවේදී මිනිසුන් අනාගතයේ සුලභ වනු නිසැකයි.

හුදෙකලාව සිටීම ඔබගේ මොළය නැවත ප්‍රකෘතිමත් කිරිමට උපකාරීවෙයි. නිරන්තරයෙන් අවිවේකී ක්‍රියාකාරී මානසික තත්ත්වයෙන් සිටීම මඟින් ඔබගේ මොළයේ සෛල ස්වාභාවිකව නැවත ප්‍රකෘතිමත් හා ස්ථාපිත කිරීමක් සිදුනොවන අතර එය මොළයට හානිකර තත්ත්වයකි. ඔබ ඔබ ගැනම හෝ සිතින් යම් කලකිරුණු අවස්ථාවකට පත්වීම ඔබගේ මනස පැහැදිලි කරගැනීමට, අවධානය යොමුකිරීමට සහ නිරවුල්ව සිතීමට අවස්ථාවකි, එය ලබාගන්න. මෙය ඔබගේ කයත්, මනසත් එකවර ප්‍රබෝධමත් කරගැනීමට ලැබුණු අනඟි අවස්ථාවක් කරගන්න.

හුදෙකලාව සිටීම මඟින් ඔබගේ මානසික සංරක්ෂණය හා කාර්යක්ෂමභාවය ඉහළ දමන අතර. මෙයට හේතුපාදක වී ඇත්තේ ඔබව කලකිරීම්වලින්, බාධා කිරීම්වලින් ඈත් වීම මඟින් ඔබගේ මානසික සමබරතාව නිවැරදිව පැවතීම හේතුවෙන් කුඩා කාලසීමාවකදී වඩා වැඩි කාර්යයන් ප්‍රමාණයක් ඉටුකිරීමට හැකියාව ලැබීමය. බාහිර ගැටීම් සමඟ මනස අවධානය යොමුකරමින් වැඩකරනා විට ඔබේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය ඔබට හිමි නොවේ.

හුදෙකලාව ඔබට ඔබගේ ශක්තීන් හඳුනාගැනීමට හා ස්වයං විවේචනයක් සඳහා මහඟු අවස්ථාවක් ලබාදෙයි. ඔබ සාමූහිකව සිටින විට අන්‍යයන් සිතන හා ක්‍රියාත්මකවන අයුරු සමඟ සමගාමීවම යෑමට පෙළඹීමක් ඇතිකරනු ලබයි. එය ඔබගේ ශක්තීන් මුදාහැරීමට බාධාවකි. ඔබට ඔබ සොයාගැනීමට අවශ්‍ය නම් හුදෙකලාව සිටිය යුතුමය.

හුදෙකලාව ඔබට ගැඹුරු චින්තනය අවදිකිරීමට කාලය ලබාදෙයි. දිනෙන් දින ඔබගේ ජීවිතයේ වගකීම් හා කැපවීම් මතින් යෙදෙන ඉවරයක් නොමැති කාර්යභාරයන් හේතුවෙන් ඔබගේ විවේකය ඔබට සිහිනයක් වන්නට පුළුවන්. මෙම නියත චලිතය දීර්ඝව ක්‍රියාත්මක වීමෙන් ඔබගේ ගැඹුරු චින්තනය අවදිවීම වළක්වන අතර, නිර්මාණශීලී චින්තනය හා ඵලදායිතාව අඩුකරලයි.

හුදෙකලාව ඔබට ගැටලු නිරාකරණය සඳහා වඩාත් ප්‍රබල බලපෑමක් ඇති කරයි. ඔබට ලැබෙන තොරතුරු මත තීරණයක් ගැනීම අපහසු කළ ඔබගේ විවේක බුද්ධිය අවධිකිරීම මඟින් වඩාත් නොපෙනෙන මානයන් සඳහා අවධානය යොමුකොට තීරණයක් ගැනීම සඳහා හුදෙකලාව මනා මිතුරෙකි.

හුදෙකලාවට ඔබගේ සබඳතාවයන්ගේ ගුණාත්මක භාවය පවත්වාගෙනයාමටද මනා පිටුවහලක් ලබාදෙයි. ඔබගේ අව්‍යාජ සිතුවිලි සමඟින් ඔබට අවශ්‍ය ඔබගේ වපසරිය හඳුනාගැනීම හා තමාගේ අභිරුචියන් සමඟ මනාලෙස පෑහෙන්නන් ඔබට තෝරාගැනීමට හැකියාව ලැබෙන අතර හුදෙකලා විවේකයකින් අනතුරුව නැවුම්, ප්‍රබෝධමත් මනසකින් ඔබගේ ආදරණීයයන් අතරට යාමෙන් ඔබගේ සම්බන්ධතාවයේ අගය හා ස්ථාවරත්වය වටහා ගැනීමට හැක.

වර්තමානයේ අපෙන් බොහෝවිට ගිලිහී ගියාවූ මේ ' හොඳම කලාව හුදෙකලාව ' දැන් බටහිර සමාජය ක්‍රමයෙන් අතික්‍රමණය කර ඇතිබවක් පෙනෙන්නට තිබේ.තවදුරටත් හුවාදක්වමින් බටහිර සුරූපී රංගන ශිල්පිනියක හා නිෂ්පාදිකාවක්, නිරූපණ ශිල්පිනියක වන ඔලිවියා විල්ඩ් පවසන්නේ “හුදෙකලාව ඉතාමත් අගෙයි, එය අන්‍යයන් ඔබව අර්ථ දැක්වීමට ප්‍රථම ඔබට ඔබව සොයාගැනීමට උදව් කරයි“ යනුවෙනි.

මොනිකා ලියන්ජලී


නව අදහස දක්වන්න

Or log in with...