කොළඹ සුන්ද­ර­ත්ව­යට අභි­න­ව­යෙන් එක්වූ marino mall සහ merino beach hotel | දිනමිණ

කොළඹ සුන්ද­ර­ත්ව­යට අභි­න­ව­යෙන් එක්වූ marino mall සහ merino beach hotel

 

පසුගියදා කො‍ළඹ 3හි විවෘතවූ marino mall සහ merino beach hotel මෙරට සත්කාරක සේවයට නවමු අත්දැකීමක් එක්කරන්නකි.තරු පංතියේ කාඹර 289 කින්යුතුව ඉදිකර ඇතිමෙය නවීන හා අන්තර්ජාතික ප්‍රම්තීන්ට අනුව ඉදිකිරීම සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 12‍‍.5කි.

දම්රෝ සමූහ ව්‍යපාරයේ නවතම ආයෝජනයක් වන මෙහි සාප්පු සංකීර්ණය සහ හෝටලය මහල් 12කින් සමන්විතය .සාප්පු සංකීර්ණය ගබඩා හතරකින් යුතු පහසුකම් සහිතය.වාහන 350ක් පමණ ගාල් කරහැකි රථ වාහන අංගනයකින් මෙන්ම 1000 පමණ පිරිසකට සම්මන්ත්‍රණ පහසුකම් සහිතය.

සිංගප්පූරුවේ ඉදි කර තිබෙන මරීනා බේ සෑන්ඩ්ස් හෝටලය මෙන් විශාල උඩු මහලක් (roof top ) සහිත පුළුල් පිහිනුම් තටාකයක් සහ විශාල උද්‍යානයක් සහිත සුන්දර හෝටලක් වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන මරිනෝ බීච් හෝටලය හඳුන්වනු ලබයි. roof top තුළට ඉලෙක්ට්‍රානික් කාඩ් පතක් ඇතළත් කිරීමේන් ඇතුළු වීමට හැකි පළමු හෝටලය වන්නේ ද මෙයයි.

නුරුදු දිනක දී ඇන්ග්සනා ස්පා සහ රාත්‍රි සමාජ ශාලාවක් ද මාරියෝ වෙරළ තීරයට හඳුන්වා දීමට සැළසුම් කර තිබේ . කොළඔ මරීනෝ බීච් හෝටලය 400 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් යුතුව D.R Hotels (Pvt) Ltd යටතේ කළමනාකරණය කරනු ලැබේ. Marino Mall වර්ග අඩි 150,000 ක් සාප්පු සංකීර්ණයට අයත් වේ. Marino Mall 9d cinema මඟින් නවතම රියැලිටි ක්‍රීඩා සහ අනේකවිධ වික්‍රමාන්විත ක්‍රීඩා නැරඹීමේ පහසුකම්වලින් ද මෙම හෝටලය සමන්විත වේ.

. "2013 මාර්තු මාසයේ දී "Marino Mall " ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ වූ අතර එහි සැලසුම් සහ සමස්ත ව්යාපෘති සංකල්පය ඩම්රෝ සමූහ ව්‍යාපාරය විසින් සිදු කරන ලදී." යනුවෙන් ඩම්රෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසන්න කොඩිප්පිලි මහතා පැවසයි.

 

 

නව අදහස දක්වන්න