නව­ලෝක ග්‍රීන්ක්‍රොස් රසා­ය­නා­ගාර සමූ­හය මාත­රට | දිනමිණ

නව­ලෝක ග්‍රීන්ක්‍රොස් රසා­ය­නා­ගාර සමූ­හය මාත­රට

මාතර දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාවගේ කාලීන අවශ්‍යතාවක් සපුරාලමින් නවලෝක රෝහල් සමූහයට අනුබද්ධිත නවලෝක ග්‍රීන් ක්‍රොස් රසායනාගාර ජාලයේ නවීන තාක්ෂණයෙන් සමන්විත ශාඛාවක් පසුගිය දා මාතර නගරයේ දී විවෘත කරන ලදි. අභිනව නවලෝක ග්‍රීන්ක්‍රොස් රසායනාගාරයේ අන්තර්ගත උපකරණ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව භාවිත කෙරෙන අතර, රසායනාගාර කාර්ය මණ්ඩලය මෙන්ම ව්‍යාධිවේදීන් ඉහළ නිපුණතාවකින් සමන්විත වේ. මාතර නවලෝක ග්‍රීන් ක්‍රොස් රසායනාගාරය තුළින් විශේෂිත වෛද්‍ය පර්යේෂණ 150කට අධික සංඛ්‍යාවක් සිදු කර ගත හැක.

දිනපතා උදෑසන 6.30 සිට රාත්‍රී 8 දක්වා සේවා සපයන මේ රසායනාගාරය තුළින් මාතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත රජයේ රෝහල්, මධ්‍ය පරිමාණයේ පුද්ගලික රෝහල්, සාත්තු නිවාස සහ දිස්ත්‍රික්කය පුරාම ක්‍රියාත්මක වන 100 කට අධික රසායනාගාර නියැදි එක් රැස් කිරීමේ මධ්‍යස්ථානයන් සඳහා ද සිය රසායනාගාර සේවාවන් ලබා දෙනු ඇත. නවලෝක රෝහල් සමූහයේ අධ්‍යක්‍ෂ/සාමාන්‍යාධිකාරී මහාචාර්ය ලාල් චන්ද්‍රසේන මහතා, විධායක අධ්‍යක්‍ෂ හර්ෂිත් ධර්මදාස මහතා, කොරියාවේ ග්‍රීන්ක්‍රොස් රසායනාගාර සමූහයේ අධ්‍යක්‍ෂ ආචාර්ය Songgon Lee මහතා සහ සාමාන්‍යාධිකාරී Yongwon Park මහතා ආරාධිත අමුත්තන් ලෙස මාතර ග්‍රීන්ක්‍රොස් රසායනාගාරයේ සමාරම්භක අවස්ථාව සඳහා සහභාගී වූහ.

නව අදහස දක්වන්න