නුවන් සල්ගාදු සහ සචිත්‍ර දේවතන්ත්‍ර රිමාන්ඩ් | දිනමිණ

නුවන් සල්ගාදු සහ සචිත්‍ර දේවතන්ත්‍ර රිමාන්ඩ්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු නිලධාරීන් දෙදෙනෙකු වන නුවන් සල්ගාදු සහ සචිත්‍ර දේවතන්ත්‍ර යන අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, ඔවුන්ට ඇප නියම වුව ද ඇප කොන්දේසියක් වන විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයේ තැබීමට නොහැකි වීම හේතුවෙනි.

නුවන් සල්ගාදු සහ සචිත්‍ර දේවත්‍රන්ත්‍රි යන දෙදෙනා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

ඒ, මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වූ වකවානුවේ ලබා ගත් දුරකතන ඇමතුම් හඬපට මකා දමා විකෘති කිරීමේ චෝදනාවට අදාළව ය.

මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන අය ලබන 09 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නව අදහස දක්වන්න