මල්ලිලා තුනකට 11 වතාවක් හදි කළ 11වසරේ අයියා පරිවාසට | දිනමිණ

මල්ලිලා තුනකට 11 වතාවක් හදි කළ 11වසරේ අයියා පරිවාසට

තෙල්දෙනිය අධ්‍යාපන කලාපයේ උඩුදුම්බර අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන පෙළේ පාසලක පහ වසර හය වසර හා අටවසර ඉගනුම ලබන සිසුන් තිදෙනකු අවස්ථා එකොළහක දී අපයෝජනයට ලක් කළ එම විදුහලේම එකළොස් වැනි වසරේ ඉගනුම ලබන සිසුවකුට තෙල්දෙනිය මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සුරිය මහතා තරයේ හා දැඩි ලෙස අවවාද කර එම සිසුවාට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කරමින් සිසුවා මව් පියන් භාරයට පත් කරමින් පරිවාස භාරයට පළමුවන දින පත් කෙළේය.

අපයෝජනයට ලක්වු සිසුන් ගේ හැසිරීම හා ගමන් කිරීම පිළිබඳව සැක සිතුණු මව් පියන් මේ පිළිබඳව එම ළමයින්ගෙන් කරුණු විමසීමේදි තමන්ට විදුහලේ අයියා කෙනකු විසින් මෙවැනි අතවර කිරීමක් විදුහලේ කැසිකිළිය තුළදී සිදුකර ඇතැයි මව්පියන්ට පවසා ඇත

මව්පියන් උඩුදුම්බර පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සිසුවා අත්අඩංගුවට ගෙන පළමුවන දින තෙල්දෙනිය අධිකරණයට ඉදිරිපත් කෙළේය.

උඩුදුම්බර පොලිසියේ ස්ථානාධිපති කේ. එම්.කාන්ගර මහතාගේ මෙහෙය විමෙන් පරීක්ෂණ පැවැත්විණි.

කරල්ලියද්ද සමුහ
කේ. විජේසිරි නිශ්ශංක

නව අදහස දක්වන්න