නව ගමන් සගයා - A321 එයාබස් නියෝ | දිනමිණ

නව ගමන් සගයා - A321 එයාබස් නියෝ

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලං­කන් ගුවන් සමා­ගමේ ගුවන් යානා ප්‍රති­ඇ­ණි­ගත කිරීමේ වැඩ­පි­ළි­වෙළ යටතේ ගෙන්වනු ලැබූ  නව­තම හා අව­සන් A321 ගුවන් යානාව ජූලි මස 29 වැනි දින කටු­නා­යක බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ වෙත සම්ප්‍රාප්ත විය. පසු­ගිය දා (29)  හැම්බර්ග් නුවර සිට අබු­ඩාබි හරහා මේ ගුවන් යානය ශ්‍රී ලංකා­වට ළඟා විය. 
නව ගුවන් යාන­යට ආශි­ර්වාද ලබා ගැනීම සඳහා ආග­මික වතා­වත් කටු­නා­යක ගුවන් තොටු­පොළේ  A320 ඉංජි­නේරු යාත්‍රාං­ග­ණයේ දී සිදු කරන ලදී. සිය පළමු වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරී­මට පෙර මෙලෙස ආග­මික වතා­වත් සිදු­ක­රන ලදී. මේ ගුවන් යානයේ සම්ප්‍රා­ප්ති­යත් සම­ඟින් ශ්‍රීලං­කන් ගුවන් සමා­ගමේ ගුවන් යානා ඇණිය එයා­ර්බස් නියෝ ගුවන් යානා හයක් ඇතුළු ගුවන් යානා 27 කින් සම­න්විත වනු ඇත.

නව අදහස දක්වන්න