'Facebook' - 'Instagram' කාලය සීමා කිරීමේ උපාංගය | දිනමිණ

'Facebook' - 'Instagram' කාලය සීමා කිරීමේ උපාංගය

පුද්ගලයෙකු සිය ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුළ ගත කරන කාලය සීමා කිරීම සඳහා එකී මෘදුකාංගවලට නව උපාංගයක් එක් කර තිබේ.

ඕනෑවට වඩා සමාජ ජාල පරිහරණය කිරීම මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන අවධානය යොමු වීමත් සමග, ෆේස්බුක් ආයතනය විසින් මෙම නව උපාංගය හඳුන්වාදීමට කටයුතු කර ඇත.

මෙම උපාංගය ඔස්සේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයන්ට සිය ගිණුම තුළ රැඳී සිටි කාලය දැනගත හැකිය.

එමෙන්ම, තමන්ගේ ගිණුමේ ගත කළ යුතු කාල සීමාව ආසන්න බව සිහිගැන්වීමේ සංඥාවක් ඇතුළත් කර තැබිය හැකි අතර, ගිණුමේ දැක්වෙන 'දැනුම්දීමේ සලකුණු' (notifications) යම් කාලයකට ඉවත් කර තැබිය හැකිය.

නමුත් මෙමගින් සම්පූර්ණයෙන්ම තත්වය පාලනය වීමක් නොවන බව සමහරුන්ගේ මතයයි.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න