සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන්ට ජය | දිනමිණ

සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන්ට ජය

සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාපධිපති එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කර තිබේ.
 
ඒ, සමස්තයක් ලෙස සියයට 50.8ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ප්‍රතිවාදී නෙල්සන් චමීසාට ලබා ගැනීමට හැකි වූයේ, 44.3%ක් පමණි.
 
මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ සිම්බාබ්වේ විපක්ෂ දේශපාලන නිලධාරීන් මැතිවරණ කොමිසමෙන් ඉවත් කිරීමට පොලීසිය පියවර ගත් බව ද සදහන් ය.
 
නෙල්සන් චමීසාගේ එම්.ඩී.සී. සන්ධානයේ සභාපතිවරයා පවසන්නේ, මැතිවරණ ප්‍රතිඵලය තහවුරු කළ නොහැකි බව ය.
 
මැතිවරණ ප්‍රතිඵලය තමන් නිහතමානීව පිළිගන්නා බවත් එය නව ආරම්භයක් බවත් ජනපති මනන්ගග්වා, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ ය. මේ වන විට එමර්සන් මනන්ගග්වා 75වැනි වියේ පසුවේ.
 

නව අදහස දක්වන්න