වීරවංශට අල්ලස් කොමිසම පැවරූ නඩුව කල් යයි | දිනමිණ

වීරවංශට අල්ලස් කොමිසම පැවරූ නඩුව කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුව නොවැම්බර් මස 02 වනදා දක්වා කල් දමා ඇති බව වර්තාවේ.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ අද කැදවූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති ලේඛන ලබා ගත් පරිගණක පරික්ෂා කිරීම සඳහා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නීතිඥයන් අවසන් වරට දින ලබා දුන්හ.

මෙතෙක් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් එම පරිගණක පරීක්ෂා කිරීමක් සිදු කර නොමැති වීම හේතුවෙනුයි මෙලෙස අවසන් වරට දින නියම කර ඇත්තේ.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න